Home » හැටන් සා.පෙළ විභාග ශාලා­ධි­ප­ති­ව­ර­යාට බැණ තර්ජ­නය කළ ත්‍රීවි­ලර් රියැ­දුරු සොයා විම­ර්ශන

හැටන් සා.පෙළ විභාග ශාලා­ධි­ප­ති­ව­ර­යාට බැණ තර්ජ­නය කළ ත්‍රීවි­ලර් රියැ­දුරු සොයා විම­ර්ශන

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

අ.පො.ස. සා/පෙළ විභාග පිළි­තුරු පත්‍ර රැගෙන හැටන් ශ්‍රීපාද විද්‍යා­ලයේ පිහි­ටුවා ඇති විභාග සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙත ධාව­නය වූ වෑන් රථය ත්‍රිරෝද රථ­ය­කින් හර­ස්කර එම වෑන් රථයේ ගමන් ගත් විභාග මධ්‍ය­ස්ථා­නයේ ශාලා­ධි­ප­ති­ව­ර­යාට සහ උප ශාලා­ධි­ප­ති­ව­ර­යාට පෙරේදා (18) පස්ව­රුවේ ත්‍රිරෝද රථ රියැ­දුරු බැණ වැදුනේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් නොර්වුඩ් පොලී­සිය විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර ඇත.

නෝර්වුඩ් පොලිස් වස­මට අයත් පුලි­යා­වත්ත විභාග මධ්‍ය­ස්ථා­නයේ පෙරේදා (18) පැවති අ.පො.ස. සා/පෙළ විභා­ගයේ අව­සන් වීමෙන් පසු එහි පිළි­තුරු පත්‍ර ශ්‍රීපාද විද්‍යා­ලයේ පිහි­ටුවා ඇති විභාග සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙත භාර දීම සඳහා ශාලා­ධි­ප­ති­ව­ර­යාගේ පෞද්ග­ලික වෑන් රථ­ය­කින් ගමන් කර­මින් සිටි­යදී පුලි­යා­වත්ත පාස­ලට පිවි­සෙන ප්‍රධාන ගේට්ටුව ත්‍රිරෝද රථ රියැ­දුරා විසින් අව­හිර කර­මින් සිටීම සම්බ­න්ධ­යෙන් ශාලා­ධි­ප­ති­ව­රයා ත්‍රිරෝද රථ රියැ­දු­රාට ත්‍රිරෝද රථය ගේට්ටු­වෙන් ඉව­ත්කර ගන්නා ලෙසට ඉල්ලී­මක් කර ඇත.  ත්‍රිරෝද රථය ඉවත් නොක­ර­ගත් නිසා විභාග ශාලා­ධි­ප­ති­ව­රයා විසින් තම වෑන් රථය දැඩි පරි­ශ්‍ර­ම­යක් දරා මාර්ගය හර­ස්කර තිබූ ත්‍රිරෝද රථයේ නොගැටී වෑන් රථය ඉදි­රි­යට ධාව­නය කර ඇත.

පසුව ත්‍රිරෝද රථ රියැ­දුරු වෑන් රථය මීටර් 500ක් පමණ දුරට පසු­පස හඹා­ගෙන විත් වෑන් රථය හර­ස්කර ත්‍රිරෝද රථය නතර කර වෑන් රථයේ සිටි ශාලා­ධි­ප­ති­ව­ර­යාට සහ උප ශාලා­ධි­ප­ති­ව­ර­යාට බැණ වැදුන බවට එම විභාග ශාලා­ධි­ප­ති­ව­රයා විසින් නොර්වුඩ් පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

අප මේ සම්බ­න්ධ­යෙන් නොර්වුඩ් පොලී­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් කළ විම­සු­ම­කට පවසා සිටියේ අදාළ ත්‍රිරෝද රථ රියැ­දුරා හඳු­නා­ගත් බවත්, ඔහු පුලි­යා­වත්ත දමිළ පාසල අසල ත්‍රිරෝද රථ ධාව­නය කර­මින් සිටින අයෙකු බවයි.

පාසලේ ගේට්ටුව අව­හිර කිරීම සම්බ­න්ධ­යෙන් විභාග ශාලා­ධි­ප­ති­ව­රයා සහ ත්‍රිරෝද රථ රියැ­දුරා අතර වචන හුව­මා­රු­වක් සිදු වී ඇති බවත්, එයට උරණ වූ ත්‍රිරෝද රථ රියැ­දුරා වෑන් රථය ලුහු­බැඳ විත් වෑන් රථය හරස් කර ඇති බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT