වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක්, පෙම් ආරවුලක් හේතුවෙන් ඇගේ පෙම්වතා විසින් පිහියෙන් ඇන පෙරේදා (18) රාත්‍රියේ ඝාතනය කර ඇති බව වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත අයුරින් ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි නිමල්කා තුෂාණි සිල්වා නැමති දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා බව පොලීසිය පවසයි.
වසර පහකට ආසන්න කාලයක් පැවති ප්‍රේම සම්බන්ධතාව අතරතුර මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය ඝාතනය සිදු කළ සැකකාර තරුණයා තරුණිය ගැන අවස්ථා ගණනාවකදී සැක කරමින් ගැටුම් ඇතිකර ගෙන ඇති බව පොලීසිය පවසයි.
එම හේතු හමුවේ මෙම සැකකාර තරුණයා අදාළ තරුණිය සැක කිරීම හේතුවෙන් එම ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමට තරුණිය ගෙන තිබූ තීරණයට සැකකරු උරණ වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
තරුණියගේ එම තීරණය ගැන උරණ වී සිටි සැකකාර තරුණයා පෙරේදා (18) රාත්‍රියේ මෙම තරුණියගේ වයික්කාල ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇති බවත් එහිදී ද තරුණිය මෙම ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමට තීරණය කර අවසන් බව පැවසීමත් සමඟ එයින් කෝපයට පත්වූ සැකකාර තරුණයා සඟවාගෙන සිටි පිහියක් රැගෙන එකවර තරුණියගේ පපු ප්‍රදේශයට හා අත් දෙපසට පහර කිහිපයක් එල්ල කර ඇති බව පොලීසිය පැවැසීය.
තරුණිය මෙම පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එකම සොහොයුරිය ඉදිරියේදී බවත් එම සොහොයුරියගේ පුංචි පුතු ද එම අවස්ථාවේ නිෙවසේ සිට ඇත.
පිහි පහරින් බරපතළ තුවාල ලබා සිටි තරුණිය කඩිනමින් මාරවිල මහ රෝහලට ඇතුළු කර ඇතත් එහිදී මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ සැකකරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (19) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.