Home » පෙමට පිටු පෑවයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇන මරලා

පෙමට පිටු පෑවයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇන මරලා

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

පුත්ත­ලම අති­රේක - හිරාන් ප්රියං­කර ජය­සිංහ, පුත්ත­ලම සමූහ - ක්රිස්පිල් බෙන­ඩික් ප්රනාන්දු, මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර

වෙන්න­ප්පුව, වයි­ක්කාල ප්‍රදේ­ශයේ 20 හැවි­රිදි තරු­ණි­යක්, පෙම් ආර­වු­ලක් හේතු­වෙන් ඇගේ පෙම්වතා විසින් පිහි­යෙන් ඇන පෙරේදා (18) රාත්‍රියේ ඝාත­නය කර ඇති බව වෙන්න­ප්පුව මූල­ස්ථාන පොලී­සිය පව­සයි.

මෙලෙස අවා­ස­නා­වන්ත අයු­රින් ඝාත­න­යට ලක්ව ඇත්තේ 20 හැවි­රිදි නිමල්කා තුෂාණි සිල්වා නැමති දරු­වන් දෙදෙ­නෙ­කු­ගෙන් යුත් පවු­ලක බාල දරුවා බව පොලී­සිය පව­සයි.

වසර පහ­කට ආසන්න කාල­යක් පැවති ප්‍රේම සම්බ­න්ධ­තාව අත­ර­තුර මෙම තරු­ණිය සමඟ ප්‍රේම සම්බ­න්ධ­තා­වය පව­ත්වා­ගෙන ගිය ඝාත­නය සිදු කළ සැක­කාර තරු­ණයා තරු­ණිය ගැන අවස්ථා ගණ­නා­ව­කදී සැක කර­මින් ගැටුම් ඇති­කර ගෙන ඇති බව පොලී­සිය පව­සයි.

එම හේතු හමුවේ මෙම සැක­කාර තරු­ණයා අදාළ තරු­ණිය සැක කිරීම හේතු­වෙන් එම ප්‍රේම සම්බ­න්ධ­තා­වය නවතා දැමී­මට තරු­ණිය ගෙන තිබූ තීර­ණ­යට සැක­කරු උරණ වී ඇති බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිවී තිබේ.

තරු­ණි­යගේ එම තීර­ණය ගැන උරණ වී සිටි සැක­කාර තරු­ණයා පෙරේදා (18) රාත්‍රියේ මෙම තරු­ණි­යගේ වයි­ක්කාල ප්‍රදේ­ශයේ නිවෙ­සට ගොස් ඇති බවත් එහිදී ද තරු­ණිය මෙම ප්‍රේම සම්බ­න්ධ­තා­වය නවතා දැමී­මට තීර­ණය කර අව­සන් බව පැව­සී­මත් සමඟ එයින් කෝප­යට පත්වූ සැක­කාර තරු­ණයා සඟ­වා­ගෙන සිටි පිහි­යක් රැගෙන එක­වර තරු­ණි­යගේ පපු ප්‍රදේ­ශ­යට හා අත් දෙප­සට පහර කිහි­ප­යක් එල්ල කර ඇති බව පොලී­සිය පැවැ­සීය.

තරු­ණිය මෙම පිහි ප්‍රහා­ර­යට ලක්ව ඇත්තේ එකම සොහො­යු­රිය ඉදි­රි­යේදී බවත් එම සොහො­යු­රි­යගේ පුංචි පුතු ද එම අව­ස්ථාවේ නි‍ෙවසේ සිට ඇත.

පිහි පහ­රින් බර­ප­තළ තුවාල ලබා සිටි තරු­ණිය කඩි­න­මින් මාර­විල මහ රෝහ­ලට ඇතුළු කර ඇතත් එහිදී මර­ණ­යට පත්ව ඇති බව පොලී­සිය පව­සයි.

සිද්ධිය සම්බන්ධ සැක­කරු වෙන්න­ප්පුව පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඊයේ (19) මාර­විල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

වෙන්න­ප්පුව මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිළිණ හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ උප­දෙස් මත අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් වැඩි­දුර පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT