ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පෙරේදා (18) ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා එම කාර්යාලයේදී හමුවිය.
මෙහිදී රැකියා විරහිත උපාධිධාරීන් සඳහා කඩිනමින් රැකියා අවස්ථා ලබාදෙන ලෙස උපාධිධාරීන් ඉල්ලා සිටි අතර පුරප්පාඩු සඳහා ඉදිරියේදී උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව සාකච්ඡා කෙරුණි.
දැනටමත් රජය උපාධිධාරීන් තිස්පන්දහසකට රැකියා අවස්ථාවන් ලබාදීමට තීරණයකර ඇති අතර, ඉදිරියේදී ඌව පළාතේ උපාධිධාරීන්ටද රැකියා අවස්ථා ලබාදෙන බැව් ආණ්ඩුකාරවරයා පැවසීය.
රැකියා විරහිත උපාධිධාරීන් විසින් උපාධිධාරින්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ආණ්ඩුකාරයා වෙත භාරදෙන ලදි.
මෙම අවස්ථාවට බදුල්ල සහ මොනරාගල උපාධිධාරීහු පිරිසක් සහභාගි වූහ.