විදේශීය සංචාරකයන් ගමන් කරමින් තිබූ වාහන තුනක් හා ලොරියක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (19) අනතුරකට ලක්ව එක් විදේශීය කාන්තාවක මියගොස් තවත් විදේශිකයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයන් ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක් මෝටර් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කිරීමට යොදා ගත් ලොරියක් බව පොලීසිය සඳහන් කර සිටියි.
අනතුරින් එක් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වන විලියම් වික්නි අන්තෝනියා මියගොස් තිබේ.
දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ දී ප්‍රංශ ජාතික කණ්ඩායමක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට තිබේ. එම ත්‍රිරෝද රථයට

මිය ගිය කාන්තාව
විරුද්ධ දෙසින් පැමිණි තවත් විදේශිකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක ගැටෙනවාත් සමඟ අනතුරෙන් බේරීම සඳහා පිටුපසින් පැමිණි අඹු සැමි හතර දෙනක් පැමිණෙමින් තිබුණු ත්‍රිරෝද රථය ඉස්සර කිරීමට යද්දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
නෙදර්ලන්ත ජාතික අඹුසැමි සිවු දෙනාම බරපතළ තුවාල ලබා ඇති අතර මේ වන විට එක් කාන්තාවක මිය ගොස් අනෙක් තිදෙනා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම ප්‍රංශ ජාතික එකම පවුලේ මව දියණිය සහ කුඩා දරුවන් දෙනෙකු සුළු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර නොලබා පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අනතුරට පත් වාහන සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය මෙන්ම සංචාරක පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
එමෙන්ම මියගියා විදේශීය කාන්තාවගේ දේහය පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීම සඳහා දඹුල්ල සංචාරක පොලීසියේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා එස්.කේ. හේරත් මහත්මිය ඇතුළු කණ්ඩායමක් රෝහලට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට උත්සාහ කළ ද ඔවුන් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලීසිය සඳහන් කළේය.