Wednesday, March 26, 2025
Home » පොල්පි­ති­ගමට බස් නැව­තු­ම්පො­ළක් නැති­ක­මින් මගී ජන­තාව පීඩා­වට

පොල්පි­ති­ගමට බස් නැව­තු­ම්පො­ළක් නැති­ක­මින් මගී ජන­තාව පීඩා­වට

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

ඉබ්බා­ග­මුව විශේෂ - චන්ද්ර­ති­ලක රත්නා­යක, හිරි­යාල සමූහ - ඒ.එම්.ආර්.මනු­කු­ල­සූ­රිය
නග­රයේ වෙළෙ­ඳ­සල් අසල රැඳී සිටින පාසල් දරු­වන්

කුරු­ණෑ­ගල – මඩ­ගල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ජනා­කීර්ණ උප නග­ර­ය­ක්වන පොල්පි­ති­ගම නග­ර­යට ප්‍රධාන බස් නැව­තු­ම්පො­ළක් නොමැ­ති­වීම නිසා පාසල් දරු­වන් මෙන්ම මගී ජන­තා­වද මහත් අප­හ­සුතා රැස­කට මුහුණ දී සිටිති.

කුරු­ණෑ­ගල සිට මඩ­ගල්ල දක්වා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ල­යට අයත් බස්රථ මෙන්ම පෞද්ග­ලික බස් රථද විශාල සංඛ්‍යා­වක් පොල්පි­ති­ගම නග­රය හරහා ගමන් කරයි. මැල්සි­රි­පුර සිට ඉරු­දෙ­ණි­යාය හරහා පොල්පි­ති­ගම දක්වා ගමන් කරන බස්රථ පොල්පි­ති­ගම නග­ර­යේදී ආපසු හර­වයි. එසේම මහව සිට ගල්ටැං­වැව හරහා දිවෙන ඇතැම් බස්ර­ථද පොල්පි­ති­ගම නග­ර­යෙන් ආපසු හරවා යයි. එහෙත් මෙම බස්රථ තම ගමන් වාරය එන තෙක් නවතා තැබී­මට ස්ථිර ස්ථාන­යක් නොමැ­ති­වීම නිසා නග­රයේ මාර්ගය දෙපස අක්‍ර­ම­වත් ලෙස නවතා තැබී­මට සිදුව තිබේ. මෙය වෙළෙඳ සල් හිමි­යන්ට මෙන්ම පදි­කයේ ගමන් කරන ජන­තා­ව­ටද විශාල හිරි­හැ­ර­යක් වී ඇත.

පොල්පි­ති­ගම ප්‍රාදේ­ශීය සභාව, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, ප්‍රධාන තැපැල් කාර්යා­ලය, පොල්පි­ති­ගම පොලී­සිය, ජාතික පාසල, දිස්ත්‍රික් රෝහල, මහ­ජන පුස්ත­කා­ලය, කොට්ඨාස අධ්‍යා­පන කාර්යා­ලය, ලංකා බැංකුව, මහ­ජන බැංකුව, ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුව ආදී රාජ්‍ය ආය­තන සහ වෙළෙ­ඳ­සල් අති­වි­ශාල සංඛ්‍යා­වක් පොල්පි­ති­ගම නග­රයේ පිහිටා තිබේ. මෙම රාජ්‍ය ආය­ත­න­ව­ලට සිය එදි­නෙදා කට­යුතු සඳහා පැමි­ණෙන ප්‍රදේ­ශයේ හා පිට­ස්තර ප්‍රදේ­ශ­වල ජන­තා­ව­ටත් රැකියා සඳහා යන එන්න­න්ටත් පාසල් දරු­ව­න්ටත් පොදු බස්රථ නැව­තු­ම්පො­ළක් නොමැ­ති­වීම නිසා මහත් අප­හ­සු­තා­ව­ලට මුහු­ණ­දී­මට සිදුව තිබේ.

අඩු තර­මින් කුඩා මගී ආව­ර­ණ­ය­ක්වත් ඉතා කඩි­න­මින්ම ඉදි­කර දෙන්නැයි ප්‍රදේ­ශයේ ජන­තාව වග­කි­ව­යු­ත්ත­න්ගෙන් ඉල්ලා සිටිති.

මේ අතර රුපි­යල් ලක්ෂ 210ක් පමණ මුද­ලක් වැය­කර නාග­රික සංව­ර්ධන අධි­කා­රිය මඟින් ඉදි කර පොල්පි­ති­ගම ප්‍රාදේ­ශීය සභා­වට පවරා දෙන ලද පොල්පි­ති­ගම නව බස් නැව­තු­ම්පොළ දහ­වල් කාලයේ මගී ප්‍රයෝ­ජ­න­යට නොගන්නා ස්ථාන­යක් බවට පම­ණක් සීමා වී තිබීම නිසා මෙම ස්ථානයේ කිසිදු බස් රථ­යක් නව­ත්වන්නේ නැතිව ගොස් මඩ­ගල්ල මංස­න්ධියේ නව­ත්වන බවත් ජන­තාව පව­සති. මෙම ස්ථාන­යෙන් කිසිම මගී­යෙක් බස­ය­කට ගොඩ­වී­මට නොපැ­මි­ණෙන අතර, බස­යෙන් බැසී­මක් හෝ නොක­රන බවද බස්රථ බස්නැ­ව­තුම් පොළට දිවා කාල­යේදී ඇතුළු නොක­රන බවද ඔවුහු පවසා සිටිති.

බස් නැව­තු­ම්පොළ ගොඩ­නැ­ඟිල්ලේ ‘පොල්පි­ති­ගම’ යනු­වෙන් නාම පුව­රු­වක් දමා තිබු­ණද එය පොල්පි­ති­ගම නග­රයේ සිට කිලෝ මීටර් 03ක් පමණ දුරින් වූ මඩ­ගල්ල උප නග­ර­යට කිලෝ මීට­ර­යක් පමණ දුරින් බස් නැව­තු­ම්පොළ ඉදි­කි­රීම විශාල මුදල් නාස්ති­ය­ක්බව ජන­තාව පවසා සිටිති.

මේ පිළි­බ­ඳව පොල්පි­ති­ගම ඒ.ඒ. අබේ­සිංහ මහතා මෙසේ අද­හස් දක්වා සිටි­යේය.

“බස් නැව­තු­ම්පො­ළක් ඉදි­කළ එක­නම් හොඳයි. නමුත් ඒක ඉදි­ක­රලා තියෙන්නේ මගී ජන­තා­ව­ට­වත් බස් රථ­ව­ල­ට­වත් අව­ශ්‍යම ස්ථාන­යක නොවෙයි. පොල්පි­ති­ගම නග­ර­ය­ටත් මඩ­ගල්ල උප නග­ර­ය­ටත් මැද්දේ තමයි බස් නැව­තුම හදලා තියෙන්නේ. ජන­තාව රැඳෙන්නේ පොල්පි­ති­ගම නග­ර­යේයි. මඩ­ගල්ල නග­ර­යේත් එසේ­මයි.

අදත් පාසල් සිසුන් වෙළෙ­ඳ­සල් තුළ එහෙම නැත්නම් ඒ අසල පදික වේදි­කාවේ මඩ­ගල්ල නග­රය බල­බලා මගී ජන­තාව ඊට කිලෝ­මී­ට­ර­යක් මෙහා­යින් බස්ව­ලින් බහින්නේ නෑ. අනෙක බස් එන­තුරු හෝ බස් රථ­ය­කට නගින්න මඩ­ගල්ල නග­රයේ සිට කිලෝ මීට­ර­යක් පයින් ඇවිත් බස් නැව­තු­මට මගීන් එන්නේත් නැහැ. ආවොත් පිස්සෙක් විත­රයි.

මඩ­ගල්ල නග­ර­යට අනි­වා­ර්යෙන්ම බස් රථ පැමි­ණෙන නිසා බස් මගීන් එහි රැඳෙ­නවා. මේ ගොඩ­නැ­ඟිල්ල හදන්න තිබුණේ පොල්පි­ති­ගම නග­රය මැදයි.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT