සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර ඇත. එම ඉල්ලා අස්වීමේ ලිපිය සජිත් ප්‍රේමදාස මහතා භාර ගෙන නොමැති බවත් එම නිසා තවමත් පක්ෂයේ සභාපතිවරයා ඉම්තියාස් මහතා බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
මහතා ප්‍රකාශ කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ජාතික ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් ඊයේ (19) සමගි ජන බලවේගය සමඟ එක්වූ අවස්ථාවේදී අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසීය,
Òඉම්තියාස් මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ලිපියක් යොමු කරලා තිබෙනවා. නමුත් ඒ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර ගෙන නැහැ.
ඉම්තියාස් මහතා ගෞරවනීය දේශපාලනඥයෙක්. එතුමා සමගි ජන බලවේගය තුළ සිටිය යුතුයි. ඉම්තියාස් මහතා තවම සමගි ජන බලවේගයේ සභාපතිවරයා.
සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ආරම්භ කරලා තිබෙනවා. රටේ සියලුම පළාත් පාලන ආයතනවලට තරග කරන්න අපි නාමයෝජනා භාර දෙන්න කටයුතු කරලා තිබෙනවා. පළාත් පාලන ආයතන 339ටම නාම යෝජනා භාර දෙන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා.
ඒ වගේම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමඟ එකතු වෙමින් සිටිනවා. ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත අද රටේ බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පිරිස් සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිසත් අද සමගි ජන බලවේගය සමඟ එකතු වෙමින් සිටිනවා. ඒ වගේම අද දිනයේදී ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරි නායකයකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතා, එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක දයාන් විමලරත්න මහතා, කෑගල්ල ප්‍රා. සභා මන්ත්‍රී ලක්ප්‍රිය කිරිඇල්ල මහතා, කෑගැල්ල නගර සභා මන්ත්‍රිනි ඉන්ද්‍රානි ජයසිංහ මහත්මිය, කෑගල්ල නගර සභා අපේක්ෂක ක්‍රිෂාන්ත අධිකාරි, කෑගල්ල ප්‍රා. සභා මන්ත්‍රී අනුර ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිසක් අද සමගි ජන බලවේගයට එකතු වෙනවා.
මෙවර මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. ආණ්ඩුව බලය ලබාගෙන මාස 6ක් ගතවී තිබෙනවා. නමුත් ජනතාවගේ පොරොන්දු ඉටුකරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා.