Tuesday, March 25, 2025
Home » පාර්ලි­මේ­න්තු­ව

පාර්ලි­මේ­න්තු­ව

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

මහ­පොළ භාර­කාර අර­මු­දලේ සිදුව තිබෙන වංචා විම­ර්ශනය කර යුක්තිය ඉටු කර­නවා

ඇමැති වසන්ත සම­ර­සිංහ

හොර ගුහා­වක් බවට පත්ව තිබූ වෙළඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පිය­ව­රෙන් පිය­වර නිද­හස් කර හොරුන්ට දඬු­වම් දීමෙන් පම­ණක් නොනැ­වතී නැවත හොර­කම් කරන්න බැරි ක්‍රම­යක් යටතේ ජන­තා­වට සේවාව සප­යන අමා­ත්‍යාං­ශ­යක් බවට පත් කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

මහ­පොළ භාර­කාර අර­මු­දල සම්බ­න්ධ­යෙන් සිදු කර තිබෙන වංචා දූෂණ විම­ර්ශ­නය කර  සිදුව තිබෙන අසා­ධා­ර­ණ­යන්ට සාධා­ර­ණය ඉටු කිරී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අය වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය.

මුජි­බර් රහු­මාන් මන්ත්‍රී­ව­රයා කරුණු ගණ­නා­වක් ඉදි­රි­පත් කළා. අමා­ත්‍යාං­ශය යටතේ තිබෙන ආය­තන 15ක් තිබෙ­නවා. ඒත් එක්කම තවත් ආය­තන 2ක් තිබෙ­නවා. සතොස යටතේ ආය­තන දෙකත් එක්ක ආය­තන 17ක් තිබෙ­නවා. අමා­ත්‍යාං­ශය ගැන රටේ හැදිලා තිබෙන චිත්‍රය වෙනස් කරන්න අපි විශාල වෙහෙ­සක් දර­නවා. අපි සතොස භාර ගන්නා විට රුපි­යල් බිලි­යන 22ක් පාඩුයි. මේ ආය­ත­න­යෙන් රුපි­යල් කෝටි 2200 ක් පාඩු වෙන­කොට ආය­ත­නයේ වෙළ­ඳ­සැල් 448 ක් තිබුණා. ඉන් 252 ක් පාඩු ලබ­නවා. මේ වස­රේදී සතොස කඩ 150ක් විවෘත කර­නවා. ඒවා විවෘත කරන්නේ දැන්වීම් පළ කරලා,  සතොස නිල­ධා­රීන් 22ක් බඳවා ගැනී­මට දැන්වීම් පළ කර තිබෙ­නවා.  භාණ්ඩ බෙදා හැරීම සඳහා සතොස ආය­ත­නය පව­ත්වා­ගෙන යාමට අවශ්‍ය වෙනවා. සහ­ල්ව­ලට අපි රුපි­යල් 65ක බද්දක් ගැහුවා කියලා මෙතුමා කීවා. ඒක වැර­දියි. 2023 මැයි 18 වැනිදා තමයි ඉස්ස­ර­වෙ­ලාම ඒ බද්ද පනවා තිබෙන්නේ. 2024 සැප්තැ­ම්බර් අපි බල­යට එන්නේ. සහල් බද්ද තිබෙන එක අපේ රටේ ගොවි­යාට උත්ත­ර­යක්. ගොවියා සහ පාරි­භෝ­ගි­කයා දෙන්නාම ආරක්ෂා කර ගැනීම සඳහා මේ බද්ද දිග­ටම තබා­ගෙන යන්න අපි තීර­ණය කළා. සතොස සේව­ක­යන් පසු­ගිය වසරේ පම­ණක් 500කට ආසන්න සංඛ්‍යා­වක් බඳ­වා­ගෙන තිබෙ­නවා. 2023 වස­රේදී සේව­ක­යන් 370ක් බඳ­වා­ගෙන තිබෙ­නවා. ඡන්ද නාම­යෝ­ජ­නා­ව­ලට කලින් මාසය වන විට 336ක් බඳ­වා­ගෙන තිබෙ­නවා. කොළඹ දිස්ත්‍රි­ක්කයේ සතොස අලෙ­වි­සැ­ල්වල සේව­ක­යන් 259ක් වැඩියි. මාතර 86ක් වැඩියි. පසඳ යාපා සභා­පති හිටියේ. මේ බර කාටද? එක් සේව­ක­ය­කු­වත් අපි අයින් කළේ නැහැ. අලු­තින් ආරම්භ කරන අලෙ­වි­ස­ල්ව­ලට ඔවුන් යොමු කර­නවා. සතොස ලාභ ලැබීම කෙසේ වෙතත් ජන­තා­වට ලාභෙට බඩු මිලදී ගැනී­මට හැකි ආය­ත­න­යක් කර­නවා. බඩු මිල ගැන කතා කළා. භාණ්ඩ වර්ග 40ක් තිබෙ­නවා. ඒවායේ මිල සිය­යට 20කින් අඩු කර තිබෙ­නවා. පසු­ගිය මාස තුන තුළදී සැප­යු­ම්ක­රු­වන් 3ක් අසාදු ලේඛ­න­ගත කර තිබෙ­නවා. වග­කීම ඉටු කරන්න කීවාම තන­තුරු දාලා යනවා. අවු­රුදු 11ක් තිස්සේ රුපි­යල් මිලි­යන 350 භාණ්ඩ අත­ර­මඟ. එහෙම වෙන්න පුළු­වන්ද? ඇමෝ­නියා නයි­ට්‍රේට් බෙදා හැරී­මට අයි­තිය තිබෙන්නේ අපට. ඇමෝ­නියා මෙට්‍රි­ක්ටොන් එකක් ඩොලර් 1145කට ගෙනාවේ. විවෘත ටෙන්ඩර් දාලා අපි මේක ගෙනාවා. දැන් ඩොලර් 681යි. වස­ර­කට මෙට්‍රි­ක්ටොන් 2000ක් අපි ගේනවා. මෙට්‍රි­ක්ටොන් එක­කින් ඩොලර් 464ක් අඩු කර තිබෙ­නවා. ඩොලර් මිලි­ය­න­ය­කට ආසන්න මුද­ලක් ඉතිරි කළා. මේ ආය­තන භාවිතා කරලා ඩීල් දාපු අවස්ථා තිබෙ­නවා. ස්මාට් බෝඩ් ගේන්න කට­යුතු කළා. මේ ආය­තන පද්ධ­තිය ඉදි­රි­යට ගෙන­යා­මට කට­යුතු කර­නවා.

මහ­පොළ භාර­කාර අර­මු­ද­ලත් අපට භාරයි. රුපි­යල් 5000 ශිෂ්‍යා­ධා­රය රුපි­යල් 7500ක් දක්වා වැඩි කර­නවා. සිය­යට 50කින් මහ­පොළ ශිෂ්‍යා­ධා­රය වැඩි කළා. මීට වඩා වැඩි ගාණ­කින් වැඩි කරන්න තිබුණා. මහ­පොළ ආය­ත­න­යක් පටන් ගත්තා. 1999 සිට මේ ආය­ත­නය පිහි­ටුවා පව­ත්වා­ගෙන ආවා. මේ ආය­ත­නය මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ පරි­පා­ල­න­යට යටත් කරන්න ඕන කියලා තීර­ණ­යක් ගන්නවා. භාර­කාර මණ්ඩ­ලය තුළ අරුම පුදුම වැඩ වෙනවා. 2015දී ගාමිණී ජය­වි­ක්‍රම පෙරේරා මහතා වෙළෙඳ ඇමැ­ති­ව­රයා ලෙස රැස්වීම තිය­නවා. මේ රැස්වී­මට සාමා­න්‍ය­යෙන් යන්න හැකි වෙන්නේ අග­වි­නි­සු­රු­ව­රයා, ඇමැ­ති­ව­රයා, ඇමැ­ති­ව­ර­යාගේ නියෝ­ජි­ත­යන් 3ක්, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් වගේ අය. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ අග­වි­නි­සු­රු­ව­යාගේ කාම­රයේ මේ භාරය කැඳ­ව­නවා. සරත් අමු­ණු­ගම ඇමැ­ති­ව­රයා මේකට යනවා. ඔහු බල­පෑ­මක් සහි­තව මහ­පොළ භාරයේ තිබෙන ස්ලිට් ආය­ත­නය පෞද්ග­ලී­ක­ර­ණය කරන්න තීර­ණය කර­නවා. අව­සා­නයේ ශ්‍රීප­වන් අග­වි­නි­සු­රු­ව­රයා කිය­නවා රැස්වීමේ නොගත් තීර­ණ­යක් මේ ක්‍රියා­ත්මක කරන්න හදන්නේ කියලා. ශ්‍රීප­වන් අග­වි­නි­සු­රු­ව­රයා සභා­ප­ති­ත්වය දරන රැස්වී­මක්. 2015දී මේ ආය­ත­නය භාර­දී­මට යන විට ස්ලිට් ආය­ත­නයේ ගිණුම් වාර්තා බැලුවා. විග­ණන වාර්තා­වත් මා සතුව තිබෙ­නවා. ස්ලිට් සතු වූ මුදල් මිලි­යන 1069ක් රඳවා ගත් ලාභය තිබෙ­නවා. මිලි­යන 408කට ගණන් බේරලා පැත්ත­කට වෙනවා. මිලි­යන 1069ක ලාභාං­ශය තිබෙන ආය­ත­නය වෙන අයෙ­කුට පව­රා­දී­මට තීර­ණය ගන්නේ ඇමැ­ති­ව­ර­යායි, හොරෙන් ගිය ඇමැ­ති­ව­ර­යෙ­කුයි. සම­හර නිල­ධා­රීන් වැරදි විදි­යට බැංකු ගිණු­මක් ආරම්භ කර තිබෙ­නවා. ගාමිණී ජය­වි­ක්‍රම ඇම­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්ව­ර­යාගේ නමත් බැංකු ගිණු­මට දානවා. භාරයේ ගිණු­ම්ව­ලට එහෙම කරන්න බැහැ. අලුත් කම්පැනි දෙකක් හදලා මිලි­යන 408ක් දානවා. මිලි­යන 600ක් ගැන හොයන්න නැහැ. මෛත්‍රී­පාල සිරි­සේන මහතා තීර­ණ­යක් ගන්නවා මෙහි සම්පූර්ණ අයි­තිය ස්ලිට් එකට දෙන්න. එහෙම කොහො­මද කරන්නේ. එයාගේ දුව ස්ලිට් එකෙන් ඩිප්ලෝ­මා­වක් ගත්තා කිය­ලාද මේක දෙන්න හැදුවේ. ප්‍රශ්නේ තිබෙන්නේ මහ­පොළ ශිෂ්‍යා­ධාර අර­මු­ද­ලෙන් තමන්ගේ සල්ලි දාලා හදපු අධ්‍යා­පන ආය­ත­නය 2015 වන විටත් මිලි­යන 1069ක් රඳවා ගත් ලාභ තිබෙද්දි බැංකු ගිණු­ම්වල තවත් මිලි­යන 483ක් තිබෙද්දි මිලි­යන 408 කට ආපහු දෙන්න කිය­නවා. ඒ තීර­ණය ක්‍රියා­ත්මක කරන්න විග­ණ­නය නැවැ­ත්වී­මට මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා මේ තීර­ණය ගන්නවා. එදා සිට භාර­කාර සභා­පති පුටුවේ අග­වි­නි­සුරු ශ්‍රීප­වන් මහතා වාඩි වෙන්නේ නැහැ. එතුමා මේ ගැන සාක්ෂි දී තිබෙ­නවා. කෝප් කමි­ටුවේ මේ ගැන සාකච්ඡා කළා. එදා කෝප් එක නැවැ­ත්තුවා. හිටපු ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා දැන් මෙහි සභා­පති ධුර­යට පත් කර තිබෙ­නවා. ඒ ඔස්සේ පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යනවා. දරු­වන්ට දීමට තිබූ මහ­පොළ ශිෂ්‍යා­ධාර දේශ­පා­ලන හිත­ව­තුන්ට ධනය රැස්ක­රන්න දීලා. ඒ සඳහා කැබි­නට් තීරණ අරන් තිබෙ­නවා. ඒ හොර­ක­මුත් අපි හෙළි කර­මින් සිටි­නවා. මේ රටේ ජන­තා­වගේ දේපළ කොල්ලකා තිබෙන ආකා­රය ගැන අපි ඉදි­රි­යේ­දීත් කිය­නවා.

 

ලලිත් ඇතු­ළ­ත්මු­දලි නමින් පශ්චාත් උපාධි ආය­ත­න­යක් ආරම්භ කරන්න

මන්ත්‍රී රවී කරු­ණා­නා­යක

මහ­පොළ භාර­කාර පද­නම මුල් කර­ ග­නි­මින් ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහ­තාගේ නමින් පශ්චාත් උපාධි ආය­ත­න­යක් ආරම්භ කරන ලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රී රවී කරු­ණා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

රවී කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ, 2025 වසර සඳහා වන අය වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට ඊයේ (19) එක් වෙමිනි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රවී කරු­ණා­නා­යක මහතා මෙසේද පැව­සීය.

රටට සේව­යක් කරන්න පුළු­වන් අමා­ත්‍යාං­ශ­යක් පිළි­බඳ වැය ශීර්ෂ­යක් අද තිබෙන්නේ. රටේ තිබෙන ප්‍රශ්න­ව­ලට විස­ඳුම් මේ අමා­ත්‍යාං­ශ­යෙන් යම් තර­ම­කට ලබා­දිය හැකියි. දෙලක්ෂ විසි එක්ද­හ­සක සමා­ගම් තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් සමා­ග­මක් ලියා­ප­දිංචි කිරී­මට දින පහක් හයක් යනවා.

නමුත් කියන්නේ ඔන්ල­යින් කරන්න පුළු­වන් කියලා. ඒ නිසා මේ තුළ වෙන­සක් ඇති­ කළ යුතුයි. සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යෙක් බවට තරු­ණ­යින් පත් කිරී­මට අවශ්‍ය වාතා­ව­ර­ණය ලබා­දිය යුතුයි. ස්ලිට් එකේ ඉඩම් ප්‍රමා­ණ­යක් තිබුණා. මේ ඉඩම තිබෙ­නවා. මේ තුළ මීට වඩා වාණි­ජ­ක­ර­ණ­යක් කරන්න කියලා ඒ වෙලාවේ යෝජනා කළා.

අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා –

ස්ලිට් එක අත්හ­රින තීර­ණය ගත්තේ 2015 ආණ්ඩුව කාලේ. ශ්‍රීප­වන් විනි­සු­රු­තුමා කිය­නවා, මේක හොරට ගහපු ගිවි­සු­මක් කියලා.

ඔඩිට් කරන එක නතර කර­න්නයි මේ තීර­ණය අර­ගත්තේ. ස්ලිට් එක මීට වඩා හොඳට කරන්න තිබුණා. මේක දීලා තිබෙන්නේ හොරට ගහපු ගිවි­සු­මක් අනුව. මීට වඩා මුද­ලක් මහ­පොළ භාර­යට හිමි­විය යුතුයි. ඒ සල්ලි යන්නේ කොහෙ­ටද? මට හිතෙන්නේ රවී කරු­ණා­නා­යක මහ­තාත් මේක රකි­න­වද කියලා. 2015 තෙක්ම මේක හොඳට කර­ගෙන ආවා.

රවී කරු­ණා­නා­යක මහතා

මේ ආණ්ඩුව ව්‍යව­සා­ය­ක­යින් වෙනු­වෙන් කල්පනා කළ යුතුයි. මම රකින්නේ මේකේ තිබෙන වටි­නා­කම. එයින් සිසුන් 40000ක් විතර එළි­යට ගිහින් තිබෙ­නවා. ඒක වටින්නෙ නැද්ද? දක්ෂ අය එළි­යට යන්නේ. පුළු­වන් තරම් පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල ආරම්භ කරන්න. අපට ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහතා වෙනු­වෙන් පශ්චාත් උපාධි ආය­ත­න­යක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටි­නවා. මහ­පොළ පද­නම් කර­ග­නි­මින් මේක ආරම්භ කරන්න.

ලංකාව බ්‍රෑන්ඩ්ක­ර­ණ­යට ලක්ක­රන්න. ස්පා සිලෝන්, ඩිල්මා තේ මේ වගේ දේවල් තිබෙ­නවා. විවෘත ආර්ථි­ක­යෙහි ඇති හොඳ දේවල් අගය කරන්න. නරක දේවල් ඉවත් කරන්න. අප­න­යන ආදා­යම බිලි­යන 16 ක් තිබෙ­නවා. ඒක බිලි­යන 36 දක්වා වැඩි කළ යුතුයි.

 

දරි­ද්‍රතා රේඛාව මනින ක්‍රමයේ දෝෂ රැසක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

2025 ජන­වාරි මාසයේ නිල දරි­ද්‍රතා රේඛාව අනුව එක් පුද්ග­ල­යකු සඳහා මාස­යක් ජීවත් වීමට රුපි­යල් 16334ක් බව ජන සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තුව තීන්දු කර ඇති බවත් ඒ අනුව හතර දෙනකු සිටින පවු­ල­කට මස­කට රුපි­යල් 65336ක් වැය­වන බවත් මෙවන් මුද­ල­කින් ජීව­ත්විය හැකි­දැයි විප­ක්ෂ­නා­යක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) විම­සී­මක් කළේය.

පවු­ලක් තුළ ආහාර මෙන්ම ආහාර නොවන විය­දම් ද ඇති බවත් වත්මන් බඩු මිල සමඟ මෙම ඉල­ක්ක­යට යාහැකි ද කියා ගැට­ලු­වක් ඇති බවත් ආන­ය­නික කිරි­පිටි ග්‍රෑම් 400 පැක­ට්ටුව රුපි­යල් 50කින් ඉහළ දමා ඇති බවද විපක්ෂ නාය­ක­ව­රයා පැව­සිය.

වෙළෙද වාණිජ හා සමු­ප­කාර ක්ෂේත්‍ර­යට අදාළ අය වැය විවා­දයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව පැව­සීය.

එබැ­වින් රජය මේ සම්බ­න්ධ­යෙන් නැවත පසු විප­ර­මක් සිදු කරන ලෙසත් අද වන විට දරි­ද්‍රතා රේඛාව මනින ක්‍රමය ගැන දෝෂ රැසක් ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. එබැ­වින් මේ පිළි­බ­ඳව නිවැ­ර­දිව සොයා බලා දත්ත කේන්ද්‍රී­යව රාජ්‍ය ප්‍රති­පත්ති නිර්මා­ණය කරන ලෙසත් වැරදි දත්ත මත රාජ්‍ය ප්‍රති­පත්ති නිර්මා­ණය වුව­හොත් සියල්ල අවුල් වන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. එමෙන්ම හිටපු රජය අස්වැ­සුම ලබා දුන්නේද මෙවැනි අවි­ද්‍යා­ත්මක දත්ත මත පද­නම්ව බැවින් එය අසා­ර්ථක වූ බවද විපක්ෂ නාය­ක­ව­රයා කීය.

මෙරට දළ දේශීය නිෂ්පා­ද­න­යට විශාල දාය­ක­ත්ව­යක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් අද බර­ප­තළ ගැට­ලු­ව­ලට මුහුණ දෙන බවත් හිඟ ණය බොල් ණය ආදී ගැටලු ආදී ත්‍රිත්ව ඛේද­වා­ච­ක­යන් නිසා නිර්මා­ණය වූ තත්ත්වය තුළ දඩ පොලී වැල් පොලී එකතු වී මොවුන් ගැටලු රැස­කට මුහුණ දී ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.

 

විදු­ලි­වැට නඩ­ත්තු­වට සහා­ය­ක­යන් 3530ක් බඳවා ගන්නවා

නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජය­කොඩි

දිව­යින පුරා ඇති විදු­ලි­වැට නඩ­ත්තු­කර පව­ත්වා­ගෙන යාම සඳහා විදු­ලි­වැට සහා­ය­ක­යන් 3530ක් බඳ­වා­ගන්නා බව පරි­සර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

විදුලි වැට නඩ­ත්තුව සඳහා බහු­කාර්ය සේව­ක­යන් බඳවා ගැනී­මට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් අතුරු තහ­නම් නියෝ­ග­යක් පනවා තිබූ බවත් 2024-12-19 දින එම තහ­නම් නියෝ­ගය ඉව­ත්කර ඇති බැවින් මෙම පිරිස බඳවා ගැනී­මට කට­යුතු කරන බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

මෙම පිරිස බඳවා ගැනීම වෙනු­වෙන් අවශ්‍ය අනු­මැ­තිය ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමි­ෂන් සභාව වෙත 2024-12-24 දින නැවත වතා­වක් ලිපි­යක් යොමු­කර ඇති බවද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා මතු කර­න­ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි මහතා සඳ­හන් කළේ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය නිල­ධා­රින් රජයේ උපා­ධි­ධා­රින් බඳවා ගැනීමේ වැඩ­ස­ට­හන යටතේ බඳවා ගැනී­මට අපේක්ෂා කරන බවයි.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

මෙරට ඇති විදුලි වැට ආරක්ෂා කිරීම වෙනු­වෙන් බඳ­වා­ගෙන ඇති පුහුණු අලි­වැට සහා­ය­ක­යන් සංඛ්‍යාව 3530ක්. වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ ස්වේච්ඡා මාර්ගෝ­ප­දේ­ශ­ක­යන් ලෙස කට­යුතු කරන නිල­ධා­රින් වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තු­වට ස්ථිර නිල­ධා­රින් ලෙස බඳ­වා­ගැ­නීම හා ස්ථිර කිරීම සම්බ­න්ධ­යෙන් බහු­කාර්ය සේව­ක­යන් බඳවා ගැනීම තහ­නම් කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය අතුරු නියෝ­ග­යක් නිකුත් කර තිබුණා. එය 2024-12-19 දින ඉවත් කිරී­මට කට­යුතු කර තිබෙ­නවා. ඒ අනුව විදුලි වැට නඩත්තු කට­යුතු වෙනු­වෙන් අවශ්‍ය පිරිස් බඳවා ගැනීම වෙනු­වෙන් අවශ්‍ය කට­යුතු සිදු කර­මින් තිබෙ­නවා. අතුරු නියෝ­ගය ඉවත් කිරී­මත් සමඟ අදාළ බඳවා ගැනීම් පටි­පා­ටිය අනු­මත කර එවන ලෙස නැව­තත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට ඉල්ලීම් කර ඇත. ඒ වගේම සුදු­සු­කම් සහිත පිරිස් වෙනු­වෙන් සම්මුඛ පරී­ක්ෂණ සිදු­කර අව­සන්. පත්වීම් ලිපි නිකුත් කිරී­මට අදාළ නාම­ලේ­ඛන පරි­ග­ණ­ක­ගත කර තිබෙ­නවා.

අතුරු නියෝග ඉව­ත්කි­රී­මෙන් පසුව අදාළ අනු­මැ­තීන් කඩි­න­මින් ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට 2024-12-24 දිනැති නැවත ලිපි­යක් යොමු­කර තිබෙ­නවා. වැටුප් ගෙවීම සඳහා සහා­ය­ක­යන්ගේ බැංකු තොර­තුරු ප්‍රධාන කාර්යා­ලය වෙත ගෙන්වා පරි­ග­ණ­ක­ගත කර ඇත.

පාර්ලි­මේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා

සමස්ත ලංකා­ව­ටම බල­පාන ප්‍රශ්න­යක් අලි මිනිස් ගැටුම. මේක බර­ප­තළ ගැට­ලු­වක්. වන­ජීවී නිල­ධා­රින්ගේ ප්‍රශ්න­යක් නෙවෙයි. ප්‍රමා­ණ­වත් නිල­ධා­රින් පිරි­සක් නැහැ.

නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා

කඩි­න­මින් දිව­යින පුරා ඇති විදුලි වැට නඩත්තු කිරීම සඳහා විදු­ලි­වැට සහා­ය­ක­යින් 3530ක් බඳවා ගන්නවා. ඒත් එක්කම මේ වෙනු­වෙන් සිවිල් ආර­ක්ෂක නිල­ධා­රින් යොදවා තිබෙ­නවා. සම­හර ප්‍ර‍ෙද්ශ­වල හිඟය පියවා ගන්න­වත් පිරිස නැහැ. ඒ වගේම තත්කා­ලීන සේවක පිරි­සක්ද සිටි­නවා. ඒ අයත් ස්ථිර කිරීම සම්බ­න්ධ­යෙන් සලකා බල­නවා.

උපා­ධි­ධා­රින් 35000ක් බඳවා ගැනීම වෙනු­වෙන් රජය ගෙන ඇති තීර­ණය යටතේ වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව සඳහා සුදු­සු­කම් සපු­රන උපා­ධි­ධා­රින් බඳ­වා­ගෙන නිල­ධා­රින්ගේ හිඟය පියවා ගැනී­මට අපේක්ෂා කර­නවා. මේ වසර අව­සා­නය වන­විට නිල­ධා­රින් හා සේවක හිඟය පියවා ගැනී­මට හැකිවේ යැයි කියා අපි අපේක්ෂා කර­නවා.

 

විප­ක්ෂ­යට චෝදනා නොකර ආණ්ඩුවේ මාස 6ක ප්‍රගති වාර්තාව දෙන්න

මන්ත්‍රී නලීන් බණ්ඩාර ජය­මහ

විප­ක්ෂ­යට චෝදනා කරන්නේ නැතිව ආණ්ඩුව දැන් කළ යුත්තේ ඔවුන් මාස හයක් තිස්සේ කළ ප්‍රගති වාර්තාව ඉදි­රි­පත් කිරීම යැයි සමගි ජන බල­වේ­ගයේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජය­මහ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (19) පැව­සීය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සු­වේය.

සහල් ඇට­ය­ක්වත් ගේන්නේ නැහැ කීවා. පොරොන්දු දුන්නා ආණ්ඩුව බල­යට එන්න කලින්. මහා පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ට මේ ආණ්ඩුව බෝනස් එකක් දුන්නා. සහල් ගෙනත් වෙළ­ඳ­පොළ තුළ තර­ග­කාරි තත්ත්ව­යක් ඇති කරන්න තිබුණා. බද්ද අඩු කළා නම් ආන­ය­නික සහල් වෙළ­ඳ­පො­ළට එනවා. එසේ වුණා නම් මහා පරි­මාණ වෙළඳ ව්‍යාපා­රි­ක­යන්ට තර­ග­යක් ඇති වෙනවා. එසේ වුණා නම් පාරි­භෝ­ගි­ක­යාට සහන ලැබෙ­නවා. සතොස ශක්ති­මත් කර ගමට ගෙනි­යන්න. ආණ්ඩු­වට සහාය දෙන විප­ක්ෂ­යක් සිටි­නවා. ඒ නිසා ආණ්ඩු­වට වැඩ කරන්න ලොකු අව­ස්ථා­වක් තිබෙ­නවා. තිබෙන ප්‍රශ්න අම­තක කරන්න විප­ක්ෂ­යට අව­ලාද නඟන තත්ත්ව­යක් අපට පේනවා. හඳු­න්නෙත්ති මහතා සජිත් ප්‍රේම­දාස මහ­තාට චෝද­නා­වක් කර­නවා අපි ඊයේ දැක්කා. බොරු අව­ලාද කියන්න එපා. ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව දැන් ඉදි­රි­පත් කරන්න. ආයෝ­ජන කලාප අලු­තින් බිහි කර­නවා කියලා ආණ්ඩුව කිය­නවා. බිංගි­රියේ අලු­තින් ආයෝ­ජන කලා­ප­යක් හද­නවා කියලා ආණ්ඩුව බොරු කිය­නවා. බිංගි­රියේ මීට කලින් එය පටන් ගත්තේ. පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ජය ගන්නේ සමගි ජන බල­වේ­ගය කියලා මම අද කිය­නවා. අපේ සභා­ප­ති­වරු නව­ක­යන්ට අව­ස්ථාව දෙන්න ඒ තන­තු­රු­ව­ලින් ඉවත් වෙනවා.

 

කලින් ආණ්ඩු­ව­ලින් දීපු වාහන බල­පත් 8ක් ජවිපෙ මන්ත්‍රී­ව­රුත් ගත්තා

මන්ත්‍රී එස්.එම්. මරි­ක්කාර්

ඉති­හා­සය පුරා ආණ්ඩු­ව­ලින් ලබා දුන් වාහන බල­පත්‍ර ජනතා විමුක්ති පෙර­මුණේ මන්ත්‍රී­ව­රුන් ද ලබා ගෙන ඇති බව සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්.මරි­ක්කාර් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැවති කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යේදී අද­හස් පළ කර­මින් එස්.එම්. මරි­ක්කාර් මහතා මේ බව සඳ­හන් කළේය.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වාහන බල­ප­ත්‍ර­යක් ලබා නොදීම සම්බ­න්ධ­යෙන් මෙප­මණ කේන්ති ගැනී­මට අවශ්‍ය නොමැති බව ඊට ප්‍රති­චාර දක්ව­මින් වෙළද, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්. මරි­ක්කාර් මහතා

මේ ඉති­හා­සය පුරාම ආණ්ඩු­ව­ලින් ලබා­දුන් වාහන පර්මිට් ජේ.වී.පී. එක ගත්තා. 2015 ගත්ත පර්මිට් මෙන්න. බිමල් රත්නා­යක ඇමැ­ති­ව­රයා ගත්ත පර්මිට් එක මෙන්න. සුනිල් හඳු­න්නෙත්ති ඇමැ­ති­තුමා ගත්ත පර්මිට් එක මෙන්න. අනුර කුමාර දිසා­නා­යක ගත්ත පර්මිට් එක මෙන්න. පර්මිට් 08ක් අරන් තියෙ­නවා. සියලු පර්මිට් ගත්තා. ඒ නිසා ඒ ගැන කතා කරන්න එන්න එපා. අපිට හොරා කියන්න බෑ. අපි ණයත් නෑ බයත් නෑ.

වෙළද, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා

වාහන පර්මිට් එක හම්බුණේ නෑ කියලා එච්චර තරහා ගන්න ඕනි නෑ. රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්මයා වාහන පර්මිට් එක දුන්නේ නෑ කියලා.

 

සෞම්‍ය­මූර්ති තොණ්ඩ­මන් පද­නම වෘත්තීය පුහුණු අමා­ත්‍යාං­ශ­යට පවරා ගන්නවා

නියෝජ්‍ය අමාත්‍ය සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප්

හැටන්හි පිහිටි සෞම්‍ය­මූර්ති තොණ්ඩ­මන් පද­නම වෘත්තීය පුහුණු අමා­ත්‍යාං­ශය යට­තට පත්කර ගැනී­මට අව­ධා­නය යොමු වී ඇති බවත් නෝර්වුඩ් පිහිටි තොණ්ඩ­මන් ක්‍රීඩාං­ග­ණය ක්‍රීඩා අමා­ත්‍යාං­ශය යට­තට පත්ක­රන බවත් වැවිලි කර්මාන්ත හා යටි­තල පහ­සු­කම් නියෝජ්‍ය අමාත්‍ය සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.මේ සම්බ­න්ධ­යෙන් අග්‍රා­මා­ත්‍ය­ව­රයා සහ ක්‍රීඩා අමා­ත්‍යාං­ශය සමඟ මේ වන විට සාකච්ඡා සිදු කරන බවද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

නියෝජ්‍ය අමාත්‍ය සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

සෞම්‍ය­මූර්ති තොණ්ඩ­මන් අනු­ස්ම­රණ භාරය යනු පාර්ලි­මේන්තු පන­තක් මඟින් සංස්ථා­ගත කරන ලද සංස්ථා­වක් වන අතර එම භාරය 2005 අංක 19 දරන පාර්ලි­මේන්තු පනත මඟින් ස්ථාපිත කර ඇති බවද හෙතෙම පැව­සීය. තොණ්ඩ­මන් පුහුණු මධ්‍ය­ස්ථා­නය, තොණ්ඩ­මන් සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය, තොණ්ඩ­මන් ක්‍රීඩා මධ්‍ය­ස්ථා­නය සහ ප්‍රජා­ශක්ති මධ්‍ය­ස්ථා­නය සඳහා නිල­ධා­රීන් 217 දෙනෙකු පත් කර ඇති අතර දැනට මෙම සමා­ගමේ පුද්ග­ල­යින් 181 දෙනෙකු සේවය කරන බවද හෙතෙම පැවැ­සිය. තොණ්ඩ­මන් පුහුණු මධ්‍ය­ස්ථා­නයේ ගොඩ­නැ­ඟිලි 22ක් ඇති අතර පරි­ග­ණක 54ක් සහ මේස සහ පුටු 940ක් ඇතුළු ගෘහ භාණ්ඩ ඇති බවද අනා­ව­ර­ණය කළේය. ඒ අනුව අනා­ග­ත­යේදී නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වගේ ප්‍රයෝ­ජ­නය සඳහා තොණ්ඩ­මන් ක්‍රීඩාං­ග­ණය භාවිත කරන බවද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT