Tuesday, March 25, 2025
Home » බට­ලන්ද වාර්තාව ගෙනාවේ ජවිපෙ වුව­ම­නා­වට නොවේ

බට­ලන්ද වාර්තාව ගෙනාවේ ජවිපෙ වුව­ම­නා­වට නොවේ

-රාජිත සේනා­රත්න

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

ශිරෝමි අබ­ය­සිංහ සහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

බට­ලන්ද කොමි­සම් වාර්තාව අද ඉදි­රි­යට ගෙන­විත් ඇත්තේ ජනතා විමුක්ති පෙර­මුණේ වුව­ම­නා­වට නොව වෙනත් පාර්ශ්ව­ය­කගේ වුව­ම­නා­වට බව හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා පැව­සීය.

කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  මහ­තාගේ කාර්යා­ල­යේදී පසු­ගි­යදා (18) පැවති මාධ්‍ය හමු­වක් අම­ත­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

“අද ජනතා විමුක්ති පෙර­මුණ අලුත් ගම­නක් යනවා.  අනුර කුමාර ජනා­ධි­ප­ති­ව­රයා අද ආර්ථි­කය ගැන විශාල  අව­බෝ­ධ­ය­කින් ජාත්‍ය­න්තර අර­මු­දල සමඟ කට­යුතු කර­නවා. බට­ලන්ද කොමි­සම වාර්තාව මඟින් රනිල් වික්‍ර­ම­සිං­හට අත දික්කර ජනතා විමුක්ති පෙර­මු­ණට ගහන්න සම­හරු බලා­පො­රොත්තු වෙනවා.

වැද­ගත් වන්නේ ජනතා විමුක්ති පෙර­මුණේ ඉති­හා­සය නොවෙයි. හෙට දවසේ අපේ රට ගොඩ­න­ඟන්නේ කෙසේද යන්නයි. ඇඟිල්ල එක් පැත්ත­කට දික් වන විට අනිත් ඇඟිලි තමන් දෙසට දික් වෙනවා.  බට­ලන්ද කොමි­ස­මට රනිල් වික්‍ර­ම­සිංහ මහතා කැඳ­වූයේ සාක්කි­ක­රු­වකු ලෙස පම­ණයි. විත්ති­ක­රු­වකු ලෙස නොවෙයි. නිවාස ලබා දීමේ ක්‍රම­වේ­දය වැරදි බව පම­ණයි එහි සඳ­හන් වෙන්නේ.

රනිල් වික්‍ර­ම­සිං­හගේ සිවිල් අයි­තිය නැති කරන්න කතා කරන්නේ බට­ලන්ද වාර්තාවේ එක කොළ­ය­ක්වත් කිය­වපු නැති අයයි. ජනා­ධි­පති කොමි­ස­ම­කට කිසි­ව­කුගේ සිවිල් අයි­තිය නැති කරන්න බැහැ.

මේ වාර්තාව 2000 දී පාර්ලි­මේ­න්තුවේ සැසි වාර්තා­වක් ලෙස ඉදි­රි­පත් කළා. එවිට ජනතා විමුක්ති පෙර­මුණ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­ය­කගේ ආණ්ඩුවේ සිටියා. එදා ඔවුන් මේ ගැන කතා කළේ නැහැ.

2002දීත් ජවිපෙ චන්ද්‍රි­කාගේ ආණ්ඩු­වට එක් වුණා. අනුර කුමාර දිසා­නා­යක කැබි­නට් මණ්ඩ­ලයේ සිටියා. එවි­ටත් බට­ලන්ද වාර්තාව ගැන ඔවුන් කතා කළේ නැහැ.

2005 දී මහින්ද රාජ­පක්ෂ බල­යට ගේන්න එක් වුණා. ඒ වෙලා­වෙ­දිත් කතා කළේ නැහැ. 2015 දී අපි එක්ක එකතු වුණා. රනිල් වික්‍ර­ම­සිං­හගේ අග­මැති ධුරය අහිමි කළ අව­ස්ථාවේ එය වැරදි බව පවසා ඔවුන් අධි­ක­ර­ණ­ය­ටත් ගියා. මේ එක තැන­ක­වත් ඔවුන් බට­ලන්ද ගැන කතා කළේ නැහැ. අද ඔවුන් බට­ලන්ද වාර්තාව ගැන කතා කරන්නේ කොහො­මද?.

විජේ­වී­රට වෙඩි තැබූ තෝර­දෙ­ණිය සම­ඟත් පසුව ජවිපෙ දේශ­පා­ලන වශ­යෙන් එක් වුණා නම් බට­ලන්ද වාර්තාව ගැන කවර කතාද?

මෙය ජනතා විමුක්ති පෙර­මුණේ වුව­ම­නා­වට නොව වෙනත් පාර්ශ්ව­යක වුම­නා­වට ඉදි­රි­යට පැමිණි බව මා කියන්නේ ඒ නිසයි. අද ඒවා පැත්තක තබා ඔවුන් ඉදිරි ගම­නක යන වෙලාව. ඔවුන්ගේ ආර්ථික වැඩ­පි­ළි­වෙළ සහ අපේ වැඩ පිළි­වෙළේ වෙන­සක් තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් අපේ විවේ­චන තිබෙ­නවා. නමුත් ඔවුන් අද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මාර්ගයේ යනවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT