‘අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ අපේක්ෂාවෙන් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අඩු ආදායම්ලාභී පවුල් 833,000කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රජය මඟින් ලබා දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.
දැනට අඩු ආදායම්ලාභීන් මිලියන 1.7ක් අස්වැසුම සහනාධාර ලබා ගනිමින් සිටින අතර අස්වැසුම ප්‍රතිලාභය අපේක්ෂාවෙන් සිටින තවත් අඩු ආදායම්ලාභීන් 833,000ක් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.
එම සහනය අපේක්ෂාවෙන් සිටින පවුල් වෙත මෙම සහන මල්ල ලබා දෙන අතර මෙම සහන පැකේජයේ වටිනාකම රුපියල් 5,000ක් වුවද එය රුපියල් 2500ක මුදලට ලබාදෙන බව ද ඇමැතිවරයා පැවසීය.
මෙම අඩු ආදායම්ලාභී පවුල් 833,000 සඳහා සියලු සතොස අලෙවිසල් හරහා රුපියල් 2,500කට මෙම සහන පැකේජය මිල දී ගත හැකි බව ද ඇමැතිවරයා පැවසීය.
ටෙන්ඩර් පටිපාටිය සඳහා ලංකා සතොස දැනට අදාළ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම සහන පැකේජයට නාඩු සහල් කිලෝග්‍රෑම් 5ක්, ලොකු ලූනු කිලෝග්‍රෑම් 2ක්, අර්තාපල් කිලෝග්‍රෑම් 2ක්, පරිප්පු කිලෝග්‍රෑම් 2ක්, සැමන් ටින් එකක්, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 2ක්, පාන් පිටි කිලෝග්‍රෑම් 2ක්, සමපෝෂ පැකට් 1ක් සහ පිළිවෙළින් ග්‍රෑම් 70ක් සහ ග්‍රෑම් 90ක් අඩංගු සෝයාමීට් පැකට් 4ක් ඇතුළත් බව ද ඇමැතිවරයා කීය.