බීර ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ඇහැළියගොඩ මින්නාන ප්රදේශයේදී අනතුරට ලක්වීමෙන් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (19) පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර විණි.
අඩි 40ක ප්රමාණයේ මෙම කන්ටේනර් රථය මින්නාන ප්රදේශයේ වංගුවක හැරවීමට යෑමේදී පෙරළී ඇත්තේ දහවල් 1.00ට පමණය.
මෙම රථය විවෘත කන්ටේනර් රථයක් වූ බැවින් බීර මාර්ගයේ සීසීකඩ විසිරී ගොස් තිබිණි. මාර්ගය පුරා විසිරී තිබූ බීර ප්රදේශවාසීන් විසින් රැගෙන යන අයුරු හා තවත් අය ඒවා මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අයුරු දැකගත හැකිවිය. ඇහැළියගොඩ පොලීසියේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව මාර්ගය පුරා විසිරී තිබූ බීර බෝතල් හා වීදුරු කටු ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරනු ලැබුවේ ඊයේ (19) පස්වරු 3.00ට පමණය.