Home » ශ්‍රී ලන්කන් ගුව­න්යා­න­යක් තුළ කල­හ­කා­රීව හැසි­රුණු පාකි­ස්තා­නු­වන්ට අධි­ක­ර­ණය අව­වාද කර මුදා හරියි

ශ්‍රී ලන්කන් ගුව­න්යා­න­යක් තුළ කල­හ­කා­රීව හැසි­රුණු පාකි­ස්තා­නු­වන්ට අධි­ක­ර­ණය අව­වාද කර මුදා හරියි

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

කල්පනි අබේ­සිංහ සහ දෙව්නි මහ­ග­මගේ

ශ්‍රී ලන්කන් ගුව­න්යා­න­යක් තුළ කල­හ­කාරි ලෙස හැසි­රුණේ යැයි චෝදනා ලද පාකි­ස්තානු ජාතික තරුණ සංචා­රක මිතු­රන් තිදෙ­නකු දැඩිසේ අව­වාද කර මුදා හැරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනුජා ලක්මාලී මහ­ත්මිය නියෝග කළාය.

පාකි­ස්තානු ජාතික තරු­ණ­යන් වන මොහො­මඩ් සාමන්, අසාම් කාහීල් සහ තබීර් සහීස් යන තරු­ණ­යන් මෙසේ මුදා හැරී­මට නියෝග කළාය.

සංචා­ර­ක­යින් ලෙස මෙර­ටට පැමිණ ආපසු බැංකොක් බලා යමින් සිටි­යදී තිදෙනා අතර හට­ගත් ආසන ගැට­ලුව හේතු­වෙන් කල­හා­කාරි ලෙස ඔවුන් හැසිරී ඇත. එහිදී ගුවන් ගමන් බාධා­වට සමාව අය­දීම සහ චෝද­නා­වන්ට වරද පිළි­ගැ­නීම යන කරුණු සලකා බැලී­මෙන් පසුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙසේ ඔවුන් තිදෙනා මුදා හැරී­මට නියෝග කළාය.

පෙරේදා (18) අලු­යම අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් තිදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් ගුව­න්තො­ටු‍පොළ පොලී­සියේ නිල­ධා­රීන් සඳ­හන් කර සිටියේ සැක­ක­රු­වන් ගුවන් ගමන ආරම්භ කර­න­වාත් සමඟ ආස­න­වල එහාට මෙහාට පනි­මින් ආසන පටි නොපැ­ලඳ කල­හ­කාරි ලෙස හැසිරී ඇති බවය.

සැක­ක­රු­වන් පාල­නය කර ගැනී­මට නොහැකි වූ ගුවන් බල­ධා­රීන් යානය ගුව­න්ගත නොකර ආපසු හරවා පැමිණ සැක­ක­රු­වන් පොලී­සි­යට භාර දුන් බව විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් එම අව­ස්ථා­වේ­දීම චෝදනා පත්‍ර­යක් ඉදි­රි­පත් කරන ලෙසට ගුව­න්තො­ටු­පොළ පොලී­සි­යට දන්වා සිටි­යාය.

ගුව­න්තො­ටු­පොළ පොලි­සිය මඟින් සිවිල් ගුවන් සේවා ආඥා පනත යටතේ ගුවන් ගම­න­කට බාධා කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා ඉදි­රි­පත් කළ අතර එම චෝද­නා­වන්ට වරද පිළි­ගත් විත්ති­ක­රු­වන් දැඩි සේ අව­වාද කර මුදා හැරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT