Home » පුංචි ඡන්දෙට පක්ෂ 21ක් ස්වාධීන 15ක් තරග බිමේ

පුංචි ඡන්දෙට පක්ෂ 21ක් ස්වාධීන 15ක් තරග බිමේ

නාම­යෝ­ජනා භාර ගැනීම අද දහ­වල් 12න් අව­සන්

by Gayan Abeykoon
March 20, 2025 7:09 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම සඳහා දේශ­පා­ලන පක්ෂ 21ක් සහ ස්වාධීන කණ්ඩා­යම් 15ක් ඊයේ (19) වන විට නාම­යෝ­ජනා භාරදී තිබිණි. නාම­යෝ­ජනා භාර ගැනීම පසු­ගිය 17 ආරම්භ කෙරුණු අතර අද (20) මධ්‍යාහ්න 12.00න් අව­සන් වෙයි.

පළාත් පාලන ආය­තන 336ක් සඳහා නාම­යෝ­ජනා භාර ගන්නා බව මැති­ව­රණ කොමි­ෂන් සභාව සඳ­හන් කළේය.

අද මධ්‍යාහ්න 12.00 සිට පැය එක­හ­මා­රක කාල­යක් විරෝ­ධතා ගොනු කිරී­මට කාලය දී ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාව සඳ­හන් කළේය.

අද නාම­යෝ­ජනා භාර­දීම අව­ස­න්වී­මෙන් පසුව පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම සඳහා මැති­ව­රණ දිනය ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය. පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම සඳහා ඇප තැන්පත් කිරීමේ කට­යුතු ඊයේ (19) මධ්‍යාහ්න 12.00න් අව­සන් විය. පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යා­ව­ලදී පහ­සු­කම් සපයා තිබුණි.

නාම­යෝ­ජනා භාර ගැනීම් ආරම්භ වූ දින සිට සිට දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යාල ආශ්‍රි­තව ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක්ද පොලී­සිය විසින් ක්‍රියා­ත්මක කර තිබුණි. එම ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙළ අද දින­යේ­දීත් ක්‍රියා­ත්මක බව පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT