Wednesday, March 26, 2025
Home » ඩිජි­ටල් ගෙවීම් ප්‍රව­ර්ධ­නය 22-23 නුව­ර­එ­ළි­යේදී

ඩිජි­ටල් ගෙවීම් ප්‍රව­ර්ධ­නය 22-23 නුව­ර­එ­ළි­යේදී

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

ජය­සිරි මුණ­සිංහ

ශ්‍රී ලංකා මහ බැංකුව නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ සංවි­ධාන කරනු ලබන ඩිජි­ටල් ගෙවීම් ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන මෙම මස 22 සහ 23 යන දෙදින ශ්‍රී ලංකා මහ බැංකු අධි­පති ආචාර්‌ය නන්ද­ලාල් වීර­සිංහ මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් නුව­ර­එ­ළි­යේදී පව­ත්වනු ලැබේ.

මෙම වැඩ­ස­ට­හන ග්‍රෙගරි වැව රථ ගාලේදී පැවැ­ත්වෙන අතර ඒ සඳහා බැංකු, මූල්‍ය සමා­ගම් සහ විදුලි සංදේශ සමා­ගම් වැනි විද්‍යුත් මුදල් සේවා සප­ය­න්නන් ඇතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සප­ය­න්නන් (Mobile Payment Apps Service Providers ) මෙන්ම ක්ෂුද්‍ර,  කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ද (MSMEs) සහ­භාගී වනු ඇත.

මහ­ජ­න­තා­වට ඔවුන්ගේ දෛනික අව­ශ්‍යතා සඳහා මුදල් භාවි­තය වෙනු­වට ආර­ක්ෂි­තව,  පහ­සු­වෙන් සහ අඩු විය­ද­ම­කින් යුතුව ඩිජි­ටල් ගෙවීම් සිදු කිරී­මට හැකි­යාව ඇති ජංගම ගෙවීම් යෙදුම් සඳහා ලියා­ප­දිංචි වීමට පහ­සු­කම් මෙහිදී සැලසේ.

මෙම වැඩ­ස­ට­හ­නට සහ­භාගී වන වෙළෙ­ඳු­න්ගෙන් LANKAQR ගෙවීම් ක්‍රමය භාවිත කර මිලදී ගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සුවි­ශේෂී වට්ටම් ලබා­දෙනු ඇත.

නව ඩිජි­ටල් ගෙවීම් ක්‍රම­වේ­ද­යන් පිළි­බඳ සිය දැනු­ම්ව­ත්භා­වය වැඩි කර ගැනී­මට සහ ජංගම දුර­ක­තන භාවිත කර ඩිජි­ටල් ගෙවීම් සිදු කරන ආකා­රය පිළි­බඳ ගෙවීම් යෙදුම් සේවා සප­ය­න්න­න්ගෙන් සෘජු­වම සහාය ලබා ගැනී­මට මෙම ස්ථාන­යේදී හැකි­යාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වැඩ­ස­ට­හ­නට සහ­භාගි වන ලෙස මහ­ජ­න­තා­වට ආරා­ධනා කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT