Home » අලු­තින් සතොස වෙළෙ­ඳ­සල් 150ක් රට­පුරා

අලු­තින් සතොස වෙළෙ­ඳ­සල් 150ක් රට­පුරා

by Gayan Abeykoon
March 20, 2025 8:09 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

අලු­තින් සතොස වෙළඳ මධ්‍ය­ස්ථාන 150ක් පිහි­ටු­වී­මට රජය තීර­ණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

වෙළ­ඳ­පොළ සමී­ක්ෂ­ණ­යක් කර අලු­තින් ඉදි­කළ යුතු වෙළ­ඳ­සැල් කුමන ස්ථාන­වල ඉදි­කළ යුතුද යන්න හඳුනා ගන්නා බව ද වසන්ත සම­ර­සිංහ මහතා සඳ­හන් කළේය.

වත්මන් ආණ්ඩුව සතොස ආය­ත­නය භාර ගන්නා විට රුපි­යල් කෝටි 2,200ක පාඩු­වක් සිදුව තිබූ බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

සතොස ආය­ත­නය සතුව වෙළ­ඳ­සැල් 448ක් තිබෙන අතර ඉන් 252ක් පාඩු ලබන බවත් දේශ­පා­ලන පද­නම යටතේ සේව­ක­යන් අති­රි­ක්ත­යක් මේ ආය­ත­න­ව­ලට බඳ­වා­ගෙන ඇති බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ආණ්ඩුව බල­යට පත්ව අති­රික්ත සේව­ක­යන් කිසි­වෙක් ඉවත් නොකළ බවද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.  අලු­තින් ඉදි කරන අලෙවි මධ්‍ය­ස්ථා­න­ව­ලට අති­රික්ක සේව­ක­යන් යොමු කරන බවත් කොළඹ දිස්ත්‍රි­ක්කයේ සතොස අලෙ­වි­සැ­ල්වල සේව­ක­යන් 259ක්ද, මාතර 86ක් ද සේවක අති­රි­ක්ත­යක් තිබෙන බවත් ඇමැ­ති­ව­රයා කීය.

සතොස නිල­ධා­රීන් 22ක් බඳවා ගැනී­මට දැන්වීම් පළ කර තිබෙන බවත් 2014 වසරේ සිට රුපි­යල් මිලි­යන 350කට ආසන්න බඩු තොග සතොස ගබ­ඩා­ව­ලින් පිටව තිබු­ණත් මේ දක්වා වසර 11ක් තිස්සේ අලෙවි මධ්‍ය­ස්ථා­න­ව­ලට ඒවා ලැබී නොමැති බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

එම රුපි­යල් මිලි­යන 350ක මුදල සේව­ක­යන් 1,179කගෙන් අය කර ගැනී­මට පරි­පා­ල­නය තීර­ණය කර ඇති බවත් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් කරන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පසු­ගිය මාස තුන තුළදී සතොස සැප­යු­ම්ක­රු­වන් 3ක් අසාදු ලේඛ­න­ගත කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT