Wednesday, March 26, 2025
Home » යුරෝපා සංග­මයේ ශ්‍රී ලංකා තානා­ප­තිනි කථා­නා­යක හමු­වෙයි

යුරෝපා සංග­මයේ ශ්‍රී ලංකා තානා­ප­තිනි කථා­නා­යක හමු­වෙයි

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

යුරෝපා සංග­මයේ, ශ්‍රී ලංකා තානා­ප­තිනි  කාමෙන් මොරිනෝ (Carmen Moreno) මහ­ත්මිය පසු­ගි­යදා (17) ශ්‍රී ලංකා පාර්ලි­මෙ­න්තුවේ කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා හමු වූවාය.

යුරෝපා පාර්ලි­මේ­න්තුව හා ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුව අතර අන්තර් සහ­යෝ­ගි­තා­වක් ඇති කර­ග­නි­මින් ඉදි­රි­යේදී කට­යුතු කිරී­මට ඇති හැකි­යා­වන් පිළී­බ­දව මෙම හමුවේ දී මූලික වශ­යෙන් සාකච්ඡා කරන ලදී.

මීට අම­ත­රව මෙම අව­ස්ථාවේ දී අද­හස් දැක්වූ යුරෝපා සංග­මයේ තනා­ප­ති­ව­රිය ශ්‍රී ලංකාවේ නව දේශ­පා­ලන පරි­ව­ර්ත­නය හා නව දේශ­පා­ලන සංස්කෘ­තිය පිළි­බ­දව තම ශුභා­සිං­ශන පිරි­නැ­මු­වාය.

රටේ වත්මන් දේශ­පා­ලන තත්ත්වය, සංචා­රක කර්මා­න්තය වැනි ක්ෂේත්‍ර පිළි­බ­ඳ­වත්, යුරෝපා සංග­ම­යට  අයත් රට­වල සංචා­ර­ක­යන් ශ්‍රී ලංකාවේ සංචා­රය කිරී­මට යොමු වීම පිළි­බ­ද­වත් මෙහිදී වැඩි­දු­ර­ටත් සාකච්ඡා කෙරිණි. පාර්ලි­මේන්තු පරි­ශ්‍රයේ පැවති මෙම රැස්වී­මට පාර්ලි­මේන්තු මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය ද සහ­භාගි වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT