Home » කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ගියාට වැඩ වර්ජ­නය හින්දා බෙහෙත් ගන්න බැරි වුණා
බෙහෙත් නැතිව මිය ගිය බිලි­ඳි­යගේ මරණ පරී­ක්ෂ­ණය:

කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ගියාට වැඩ වර්ජ­නය හින්දා බෙහෙත් ගන්න බැරි වුණා

බිලි­ඳි­යගේ මව හඩා වැටෙ­මින් කියයි

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්
මියගිය බිලිඳිය

පොඩි දුවට උණ හැදිලා ලොකු දුවත් එක්ක කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට බෙහෙත් ගන්න ආවා. වැඩ වර්ජ­නය හින්දා බෙහෙත් ගන්න බැරි වුණා. දුව නතර කර ගත්තේ නෑ. පස්සේ ගෙදර ගිහින් උණ අඩු වෙන්න කියා හිතා­ගෙන ගෙදර තිබුණු සිරප් එකක් බොන්න දුන්නා. ටික වෙලා­ව­කට පස්සේ දරු­වාගේ ඇඟ කඩා වැටෙන්න වගේ වුණා.Ó සෞඛ්‍ය වෘත්ති­ක­යන් පෙරේදා (18) කළ වැඩ වර්ජ­නය හේතු­වෙන් නිසි ප්‍රති­කාර නොලැබී මිය ගිය අවු­රු­ද්දක් වය­සැති බිලි­ඳි­ය­කගේ මර­ණය සම්බ­න්ධ­යෙන් ඊයේ (19) පැවති මරණ පරී­ක්ෂ­ණ­යේදී බිලි­ඳි­ය­කගේ මව වන කේ.ජී. ප්‍රියංකා මහ­ත්මිය එසේ පැව­සු­වාය.

මෙලෙස මිය ගොස් ඇත්තේ බුල­ත්කො­හු­පි­ටිය පොලිස් වසමේ කඹ­ග­මුව පදිං­චිව සිටි අංගොඩ විදා­න­ලාගේ මොෂදි අශිං­ශනා බණ්ඩාර නමැති අවු­රු­ද්දක් වය­සැති බිලි­ඳි­යකි.

උණ වැල­ඳීම හේතු­වෙන් පෙරේදා (18) බිලි­ඳිය කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ප්‍රති­කාර ගැනී­මට රැගෙන ගොස් ඇත. සෞඛ්‍ය සේවා වෘත්ති­ක­යන් පිරි­සක් විසින් කළ වැඩ වර්ජ­නය හේතු­වෙන් බිලි­ඳාව රෝහ­ලට ඇතු­ළත් කර­ගෙන නැත. නිසි ප්‍රති­කා­ර­යක්ද බිලි­ඳාට නොලැ­බුණු පසු­බි­මක මව විසින් බිලි­ඳාව රැගෙන නි‍ෙව­සට පැමිණ ඇත. එහිදී නි‍ෙවසේ තිබුණු සිරප් ඒකක් බිලි­ඳාට ලබාදී තිබේ. එහිදී බිලි­දාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතු­වෙන් නැව­තත් කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට රැගෙ­න­විත් ඇත. එවර බිලි­ඳාව රෝහ­ලට ඇතු­ළත් කර වැඩි­දුර ප්‍රති­කාර සඳහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර යවා ඇත. කෑගල්ල රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ මූලික ප්‍රති­කාර ලබා දෙමින් සිටිය දී බිලිඳා මිය­ගොස් ඇත්තේ එදින සව­සය.

බිලි­ඳි­යගේ මර­ණය සම්බ­න්ධ­යෙන් වූ හදිසි මරණ පරී­ක්ෂ­ණය ඊයේ (19) කෑගල්ල හදිසි මරණ පරී­ක්ෂක රේණුකා සුබෝ­ධනී කළු­ආ­රච්චි නිශ්ශංක මහ­ත්මිය ඉදි­රි­යේදී කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය ඒක­කයේ දී සිදු කෙරිණි.

එහිදී වැඩි­දු­ර­ටත් මිය ගිය දැරි­යගේ මව වන කේ.ජී. ප්‍රියංකා මහ­ත්මිය මෙසේද පැව­සු­වාය.

Òසැමියා අංගොඩ විදා­න­ලාගේ නුවන් කුමාර. සැමි­යාට ස්ථිර රැකි­යා­වක් නෑ. බුල­ත්කො­හු­පි­ටිය කෑගල්ල මාර්ගයේ කඹ­ග­මුව නග­ර­යට ආස­න්නව ආප්ප පුච්චලා අලෙවි කර­නවා. අපට ගැහැනු දරු­වන්ම තුන් දෙනයි. ලොකු දුව අංගොඩ විදා­න­ලාගේ නිෂාරා දෙවින්දි බණ්ඩාර. ලොකු දුව ගැටි­ය­මුල්ල ජාතික පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­නවා. දෙවැනි දුව කන්‍යා භාතිෂි බණ්ඩාර. දෙවැනි දුව පළමු ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­නවා. මිය ගිය තෙවැනි දුව 2024 මාර්තු 24 වැනිදා උපත ලැබුවා.

සති­ය­කට පමණ ඉහ­තදී කැස්ස සෙම හැදිලා බුල­ත්කො­හු­පි­ටියේ පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­ය­කුට පෙන්වලා බෙහෙත් ගත්තා. පස්සේ දුවට අඩු වෙලා තිබුණා.

18 වැනිදා නැවත උණ හැදුණා. පස්සේ ලොකු දුවත් එක්ක කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ආවා. එදා වර්ජන නිසා බෙහෙත් ගන්න බැරිව ගියා. පස්සේ මම ආපසු ගෙදර ගිහින් උණට තිබුණු සිරප් එකෙන් දුන්නා. පස්සේ දුවගේ ඇඟ කඩා වැටෙ­නවා දැක්කා. පස්සේ සවස 3.30ට පමණ යළි දුව කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ගෙනාවා. එතැ­නදී බෙහෙ­තක් දීලා ගිලන් රථ­යෙන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර එව්වා. කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ මූලික ප්‍රති­කාර ලබා දෙමින් සිටිය දී සවස 6.45ට පමණ දුව මිය ගිහින් තියෙ­නවා. නමුත් දුව මිය ගියා කියා රාත්‍රි 8.30ට පමණ තමයි මට කිව්වේ. පස්සේ මම ගෙදර ගියා.

19 වැනිදා පෙර­ව­රුවේ දේහය හඳු­නා­ගෙන මරණ පරී­ක්ෂ­ණ­යට පෙනී සිටියා. මර­ණය සැක­යක් නෑ. නමුත් කඹ­ග­මුව ග්‍රාමීය රෝහලේ දුව නතර කර ගත්තා නම් මිය යන එකක් නෑ කියා හිත­නවා.Ó

මිය ගොස් සිටි බිලි­ඳි­යගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ (19) කෑගල්ල මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කරන ලදි. ශරීර කොටස් වැඩි­දු­ර­ටත් පරී­ක්ෂ­ණ­ව­ලට යොමු කර ඇති බැවින් වෛද්‍ය වාර්තාව පැමි­ණෙන තෙක් විවෘත තීන්දු­වක් දෙන බව කෑගල්ල හදිසි මරණ පරී­ක්ෂක රේණුකා සුබෝ­ධනී කළු­ආ­රච්චි නිශ්ශංක මහ­ත්මිය තීන්දු කළාය.

බුල­ත්කො­හු­පි­ටිය පොලී­සියේ පොලිස් කොස්තා­පල් ආර්.ඩී.පී.එම්. රාජ­පක්ෂ (99993) නිල­ධා­රියා විම­ර්ශන කට­යුතු සිදු කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT