Wednesday, March 26, 2025
Home » ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ජර්මන් කත­කුත් තරග බිමේ

ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ජර්මන් කත­කුත් තරග බිමේ

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

උකු­වෙල සංචා­රක-ප්රියන්ත සුම­න­සේන

මෙවර පළාත් පාලන මැති­ව­ර­ණයේ මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය ලබා­ගෙන සිටින ජර්මන් කාන්තා­වක් අපේ­ක්ෂි­කා­වක් ලෙස ඉදි­රි­පත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන කණ්ඩා­යම් අපේ­ක්ෂි­කා­වක ලෙස තරග වැදී­මට නිය­මි­තය.ගලේ­වෙල,මාදි­පොළ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු සමඟ ඇය විවාහ වී සිටී.

ඇය මාතලේ දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධා­රී­ව­රයා වෙත අද (20) නාම යෝජනා භාර­දී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකාවේ වෙන­සක් කිරීමේ අපේ­ක්ෂා­වෙන් තමන් පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව ඇය මේ සම්බ­න්ධ­යෙන් පැව­සු­වාය. මෙරට පුර­වැ­සි­භා­වය හිමි විදේ­ශික කාන්තා­වක් පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන පළමු අව­ස්ථාව මෙයයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT