Wednesday, March 26, 2025
Home » මධ්‍යම අධි­වේ­ගයේ රිය අන­තු­රකින් කැල­ණිය සර­ස­වියේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී මරුට

මධ්‍යම අධි­වේ­ගයේ රිය අන­තු­රකින් කැල­ණිය සර­ස­වියේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී මරුට

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර, කරු­ණෑ­ගල කුමාරි දිසා­නා­යක
මිය­ගිය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත

බිරිය හා තුන් නිවුන් දරු­වන් ඇතුළු හය­කට බර­ප­තළ තුවාල

වෑන් රිය සිමෙන්ති ලොරි­යක ගැටිලා

මධ්‍යම අධි­වේගී මාර්ගයේ මීරි­ග­මදී පෙරේදා (18) මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අන­තු­ර­කින් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත (45) මහතා මිය­ගොස් ඔහුගේ බිරිය හා තුන් නිවුන් දරු­වන් ඇතුළු හය දෙනෙකු බර­ප­තළ තුවාල ලබා ඇත. මාකොළ දකුණ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දර්ශන අධ්‍ය­යන අංශයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා සිය පවුලේ සාමා­ජි­ක­යන් පිරි­සක් සමඟ කුලී වෑන් රිය­කින් යාප­නයේ ගොස් ආපසු නි‍ෙවස බලා එමින් සිටි­යදී මේ අන­තු­රට මුහුණ පා ඇතැයි පොලිස් පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

මීරි­ගම සිට කිලෝ­මී­ටර් පහක් පමණ කුරු­ණෑ­ගල දෙසට වන්න මාර්ගයේ බෝය­ව­ලා­නට නුදුරු ප්‍රදේ­ශයේ දී මේ අන­තුර සිදුව ඇත.

මීරි­ගම දෙසට ගමන් කර­මින් තිබූ සිමෙන්ති ප්‍රවා­හ­නය කරන ලොරි­යක් හා වෑන් රිය ගැටී­මෙන් මේ අන­තුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී තිබේ.

පිටු­ප­සින් ගමන් කළ වෑන් රථය ඉදි­රි­යෙන් ගමන් කළ ලොරියේ ගැටී ඇතැයි පොලී­සිය කියයි.

අන­තුර සිදු­වී­මෙන් පසු කුරු­ණෑ­ගල සිට මීරි­ගම දෙසට ගමන් කර­මින් සිටි එංග­ල­න්තයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් පිරි­සක් මැදි­හත් වී තුවා­ල­ක­රු­වන් මීරි­ගම මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මට පිය­වර ගෙන තිබේ. තුවා­ල­ක­රු­වන් අතර ආචා­ර්ය­ව­ර­යාගේ බිරිය දරු­වන් තිදෙනා නැන්ද­ණිය සහ වාහ­නයේ රියැ­දුරා ද වෙති.

තුවා­ල­ක­රු­වන් බර­ප­තළ තත්ත්වයේ පසු­වන බැවින් ඔවු­න්ගෙන් සිවු දෙනෙක් රාත්‍රි­යේම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවී­මට පිය­වර ගත් බව මීරි­ගම රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය. එක් තුවා­ල­ක­රු­වකු වතු­පි­ටි­වල රෝහ­ලට මාරු­කර ඇත.

අන­තු­රට ලක් වූ ලොරිය හා වෑන් රථය ඊයේ (19) අලු­යම් කාලය වන විට මීරි­ගම පොලී­සිය වෙත ගෙන ඒමට පිය­වර ගැනිණි. මිය­ගිය අයගේ දේහය පිළි­බඳ මරණ පරී­ක්ෂ­ණය ඊයේ (19) මීරි­ගම හදිසි මරණ පරී­ක්ෂක ප්‍රභාත් රණ­තුංග මහතා ඉදි­රියේ මීරි­ගම පොලී­සියේ සැර­යන් (68427) කරු­ණා­රත්න සහ රෝහල් පොලී­සියේ සැර­යන් (8612) මහින්ද මහ­ත්ව­රුන්ගේ මෙහෙ­ය­වීම යටතේ පැවැ­ත්විණි.

අන­තුර සම්බ­න්ධ­යෙන් නාකු­ළු­ග­මුව අන්තර් හුව­මාරු මධ්‍යම අධි­වේගී මාර්ග පොලී­සිය මඟින්ද පරී­ක්‍ෂණ පව­ත්වයි.

අනතුරට පත් වෑන් රථය

අනතුරට පත් වෑන් රථය

සිමෙන්ති ලොරිය

සිමෙන්ති ලොරිය

යාප­න­යේදී ගත් පවුලේ ඡායා­රූ­ප­යක්

යාප­න­යේදී ගත් පවුලේ ඡායා­රූ­ප­යක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT