Home » ආර්ථික ක්ෂේත්‍ර­යට කාන්තා සහ­භා­ගි­ත්වය වැඩි කළ යුතුයි

ආර්ථික ක්ෂේත්‍ර­යට කාන්තා සහ­භා­ගි­ත්වය වැඩි කළ යුතුයි

අග­මැ­ති­නිය කියයි

by Gayan Abeykoon
March 20, 2025 4:05 pm 0 comment

නුවන් කොඩි­කාර

ගෝලීය වශ­යෙන් මෙන්ම දේශීය වශ­යෙන් ආර්ථික ක්ෂේත්‍ර­යට කාන්තා සහ­භා­ගි­ත්වය වැඩි කර­ගැ­නීමේ දැඩි අව­ශ්‍ය­තා­වක් ඇති බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය පැවැ­සු­වාය.

මුදල්, ක්‍රම­ස­ම්පා­දන හා ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය, ආසි­යානු සංව­ර්ධන බැංකුව හා ඒකා­බ­ද්ධව සංවි­ධා­නය කරන ලද කාන්තා ව්‍යව­සා­යක මූල්‍ය කේතය (WE Finance Code) එළි­දැ­ක්වීමේ උත්ස­ව­යට ඊයේ (19) එක්වෙ­මින් අග­මැ­ති­ව­රිය මේ බව සඳ­හන් කළාය.

ආර්ථි­ක­යට දායක වන පුරුෂ පාර්ශ්වයේ  ක්‍රියා­කාරී ප්‍රති­ශ­තය ගෝලීය වශ­යෙන් 72%ක්,  දේශීය වශ­යෙන් ගත්තත්  71%ක් වන බවත් නමුත් ඊට සාපේ­ක්ෂව කාන්තා සහ­භා­ගි­ත්වය ප්‍රති­ශ­තය ලෙස පිළි­වෙ­ළින් 47%  සහ 32%ක්, ශ්‍රම­බ­ළකා සහ­භා­ගි­ත්ව­යට ස්ත්‍රී පුරුෂ සමා­ජ­භා­වයේ විෂ­ම­තාව දැඩි ලෙස බල­පෑම් ඇති­කර තිබෙන බව මෙම­ඟින් පැහැ­දිලි වන බවත් අග­මැ­ති­ව­රිය කියා සිටි­යාය.

කාන්තා­වන්ට  ව්‍යව­සා­යි­කා­වන් ලෙස නැඟී සිටින්න  බාධා­වක් වන මූල්‍ය ප්‍රවේ­ශය, වෙළෙ­ඳ­පොළ, ශ්‍රම පුහුණු සහ තාක්ෂ­ණික වශ­යෙන් පව­තින ව්‍යුහා­ත්මක අව­හි­රතා ඉවත් කිරීම ඉතාම  වැද­ගත් බවද අග­මැ­ති­ව­රිය කීවාය.

අග­මැ­ති­ව­රිය වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සු­වාය.

“පොදු ප්‍රවා­හ­නය තුළත්,  සේවා ස්ථාන තුළත් පව­තින අනා­ර­ක්ෂිත බව  නිසා පම­ණක් නොව සමාජ-සංස්කෘ­තික සම්ම­ත­යන් මඟින් බිහි­ක­ර­ගත් ගෘහස්ථ වග­කීම් සමූ­හ­යක් කාන්තාව මත පැට­වීම හේතු­වෙන්  ශ්‍රී ලංකාවේ කාන්තා­වන්ට අම­තර අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමට සිදු වී තිබෙ­නවා.

ගෝලීය වශ­යෙන් විධි­මත්  ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපාර  (MSME) වෙනු­වෙන් ඩොලර් ට්‍රිලි­යන 5.2ක් වගේම අවි­ධි­මත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපාර  සඳහා  ඩොලර් ට්‍රිලි­යන 2.9ක ගෝලීය මූල්‍ය පර­ත­ර­යක් ඇති බව  ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව සඳ­හන් කර තිබෙ­නවා.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපාර  සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පර­ත­රය ඩොලර් බිලි­යන 17ක් පමණ වෙනවා.  එය රටේ දළ දේශීය නිෂ්පා­ද­න­යෙන්  21%ක්, කාන්තා­වන් විසින් මෙහෙ­ය­වනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපාර අස­මාන්‍ය ලෙස බල­පෑ­මට ලක්වීම මේ සඳහා ප්‍රධාන හේතු­වක් වී තිබෙ­නවා.

කාන්තා ව්‍යව­සා­ය­ක­යන් සඳහා වන මූල්‍ය පර­ත­රය ඉවත් කිරීම මඟින් ගෝලීය ආර්ථික වටි­නා­ක­මට අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 5-6ක අම­තර ආර්ථික වර්ධ­න­යක්  ලබා ගැනී­මට හැකි වෙනවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT