Home » අලි වෙඩි වෙනත් අය අතට පත්වීම වළ­ක්වන්න කඩි­නම් පිය­වර ගන්න

අලි වෙඩි වෙනත් අය අතට පත්වීම වළ­ක්වන්න කඩි­නම් පිය­වර ගන්න

මහ­නු­වර දිස්ත්‍රික් ලේකම්

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

අසේල කුරු­ළු­වංශ

වගා බිම් ආරක්ෂා කර­ගැ­නීම සඳහා ගොවීන්ට නිකුත් කරන අලි වෙඩි මසුන් මැරී­මට යොදා ගන්නා බවට ලද පැමි­ණිලි සලකා බැලී­මෙන් පසු අලි වෙඩි වෙනත් පුද්ග­ල­යන් අතට පත්වීම වැළැ­ක්වීම සඳහා කඩි­නම් පිය­වර ගන්නා ලෙස මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩ­වත්ත මහතා මිනිපේ හා විල්ග­මුව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට උප­දෙස් දුන්නේය.

මිනිපේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යේදී පැවැති මිනිපේ කන්න රැස්වී­මේදී  මහ­නු­වර දිස්ත්‍රික් ලේක­ම්ව­රයා මෙම දැනුම් දීම කළේය.

මිනිපේ මහා වාරි ව්‍යාපා­රයේ වගා බිම් රැක ගැනීම සඳහා ගොවීන් වෙත වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කරන අලි වෙඩි මහ­වැලි ගඟට දමා ඇතැම් පිරිස් මසුන් අල්ලන බවට පැමි­ණිලි ගණ­නා­වක් ලැබී තිබෙන බව මෙහිදී ඉන්දික උඩ­වත්ත මහතා අනා­ව­ර­ණය කළේය.

වගා­බිම් වන අලි­න්ගෙන්  ආරක්ෂා කර­ගැ­නීම සඳහා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ගොවීන් වෙත වර­කට අලි වෙඩි දෙක බැගින් නිකුත් කරන බවත් එය  ජාතික හැඳු­නු­ම්පත ඉදි­රි­පත් කරන ගොවීන්ට  පම­ණක් ලබා දෙන බවත් වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මහ­නු­වර දිස්ත්‍රික් වන­ජීවී අඩවි ආර­ක්ෂක ඩබ්ලියු.ඒ. මහින්ද විජේ­සිංහ මහතා මෙහිදී පැව­සු­වේය.

මෙයට අම­ත­රව වන­ජීවී නිල­ධා­රීන් රාත්‍රී මුර සංචා­ර­යන්හි නිරත වෙත්දී වගා­බිම් ආරක්ෂා කර­මින් සිටින ගොවීන්ට  අලි වෙඩි නිකුත් කරන බවත් ඇතැම් පිරිස් මෙම අලි වෙඩි අව­භා­විත කර­මින් මසුන් මැරීම සඳහා යොදා ගන්නා බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් පසු ගොවීන්ගේ ස්ථිර පදිං­චිය සලකා බල­මින් අලි වෙඩි නිකුත් කිරීමේ කාර්යය සඳහා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල මැදි­හ­ත්වීම ලබා දෙන මෙන් විල්ග­මුව ප්‍රාදේ­ශීය ලේකම් එච්.එම්. ඉලුකා සිරි­ව­ර්ධන සහ මිනිපේ ප්‍රාදේ­ශීය ලේකම් ඒ.ඩී. තිල­ක­රත්න මහ­ත්මීන්ට දිස්ත්‍රික් ලේක­ම්ව­රයා උප­දෙස් දුන්නේය.

ඉදිරි කන්නයේ වගා කට­යුතු වෙනු­වෙන් පැවැති මෙම රැස්වීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිල­ක­රත්න, මහ­නු­වර අති­රේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ මහ­නු­වර දිස්ත්‍රික් සහ­කාර අධ්‍යක්ෂ සුදත් ගමගේ, මිනිපේ නේවා­සික කළ­ම­නා­කාර එස්.එච්.එල්.දයා­පාල, ඒකා­බද්ධ ජාතික ගොවි සංවි­ධා­නයේ සභා­පති සුනිල් ගමගේ යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT