Tuesday, April 8, 2025
Home » ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකි­යා­ව­ලට මේ වසරේ ශ්‍රී ලාංකි­ක­ 1154ක් පිටත්ව ගිහින්

ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකි­යා­ව­ලට මේ වසරේ ශ්‍රී ලාංකි­ක­ 1154ක් පිටත්ව ගිහින්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ඊශ්‍රා­යල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අව­බෝ­ධතා ගිවි­සුම අනුව මේ වසරේ ජන­වාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රී ලාංකි­ක­යන් 1154 දෙනකු ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පව­සයි.

ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ රැකි­යා­ලා­භීන් 22 දෙන­කුට ගුවන් ටික­ට්පත් පිරි­නැ­මීම විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

එසේම තවත් 32 දෙනකු ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකියා සඳහා පිටත්ව යෑමට සූදා­න­මින් සිටින අතර, ඒ අනුව කණ්ඩා­යම් හත­රක් වශ­යෙන් ඔවුන් ඊශ්‍රා­ය­ලය බලා පිට­ත්වී­මට නිය­මි­තව ඇත.

නිපු­ණතා සහිත ශ්‍රමි­ක­යන් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සඳහා විදේශ ගත කිරී­මට කාර්යාං­ශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමි­ක­යන් රැකියා සඳහා විදෙස් රට­ව­ලට යොමු කිරී­මට මේ වන විට කට­යුතු කර­මින් සිටී.

ඊශ්‍රා­ය­ලයේ ඉදි­කි­රීම් රැකියා ලබා­ගැ­නීම සඳහා වෙනත් කිසිදු පුද්ග­ල­ය­කුට මුදල් හෝ ගමන් බල­පත්‍ර දීමෙන් වළ­කින ලෙස කාර්යාං­ශය රැකියා අපේ­ක්ෂි­ත­ය­න්ගෙන් ඉල්ලා සිටී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT