ඊශ්රායල් රජය හා ශ්රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්රී ලාංකිකයන් 1154 දෙනකු ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා හිමි වූ රැකියාලාභීන් 22 දෙනකුට ගුවන් ටිකට්පත් පිරිනැමීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
එසේම තවත් 32 දෙනකු ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටින අතර, ඒ අනුව කණ්ඩායම් හතරක් වශයෙන් ඔවුන් ඊශ්රායලය බලා පිටත්වීමට නියමිතව ඇත.
නිපුණතා සහිත ශ්රමිකයන් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සඳහා විදේශ ගත කිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්රමිකයන් රැකියා සඳහා විදෙස් රටවලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටී.
ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු පුද්ගලයකුට මුදල් හෝ ගමන් බලපත්ර දීමෙන් වළකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටී.