පොදුජන එක්සත් පෙරමුණේ (පුටුව ලකුණ) කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකයා ලෙස හිටපු නගරාධිපති ජනක රණවක මහතා නම් කර තිබේ.
ඊට අදාළ නාමයෝජනා පත්‍රයට ජනක රණවක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගියදා අත්සන් තැබිණි.
ජනක රණවක මහතා කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, උප නගරාධිපතිවරයෙක් සහ 2011 සිට 2016 වසර දක්වා නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
කෝට්ටේ මහ නගර සභා බලප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති, නිමල් සිරිපාල ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ද එක්ව සිටියහ.