පරිසර හිතකාමී ලෙස පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු විය යුතු කාලය පැමිණ ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන සමරවික්‍රම මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘පොහොර ක්ලීන් කරමු’ මැයෙන් කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම හා පොහොර සංවර්ධන නිලධාරීන් සඳහා පසුගියදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ පුහුණු වැඩසටහනට එක් වෙමිනි. පරිසර හිතකාමී ලෙස නව තාක්ෂණික පොහොර භාවිතයට හුරු කිරීම ‘පොහොර ක්ලීන් කරමු’ වැඩසටහනේ අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ඩිමෝ පොහොර සමාගමේ තත්ත්ව පාලන හා මිශ්‍රණ සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු සම්පත් පතිරාජ මහතා
“පළමු පරම්පරාවේ යූරියා TSP, MOP පොහොර වෙනුවට ලෝකය හතර වන පරම්පරාවේ අධි තාක්ෂණික පොහොර වර්ග නිපදවා තිබෙනවා. ඒවායේ අඩු ප්‍රමාණ භාවිතයට හුරුවීම පරිසර හිතකාමී සහ තිරසර සංවර්ධනයට හේතු වෙනවා. පොහොර ක්ලීන් කරමු යන අරමුණ ඒ අනුව ඉෂ්ට කර ගත හැකියි.”
මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. නිරෝෂණී මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.