නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන සහ ආයෝජන පෞද්ගලික සමාගමත්, ලංකා රෙස්ට් හවුස් සමාගමත් ආරම්භ කළ දින සිට කිසිම ලාභාංශයක් අධිකාරියට ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
2006 වර්ෂයේදී රුපියල් මිලියන 345ක් ආයෝජනය කරමින් නාගරික සංවර්ධන සහ ආයෝජන පෞද්ගලික සමාගම පිහිටුවා ඇති අතර 2010 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලිතයක් ලෙස ලංකා රෙස්ට් හවුස් සමාගම පිහිටුවා තිබේ.
රුපියල් මිලියන 236.81ක් ආයෝජනය කර තිබූ වෝටර්ස් එජ් සමාගමෙන්ද කිසිම ලාභාංශයක් සමාලෝචිත වර්ෂයට අධිකාරිය වෙත ලැබී නොතිබුණු බව 2021 පෙබරවාරි 28 වැනිදායින් අවසන් වර්ෂයට ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශයේ සඳහන්ව ඇත.
මේ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ වසර දෙකකට ආසන්න ප්‍රමාදයකින් යුතුව 2023 දෙසැම්බර් 20 වැනි දින වීම ද විශේෂත්වයකි.
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දිනට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලිතයන්ගේ සහ ආශ්‍රිත සමාගම්වල කර තිබූ සමස්ත ආයෝජනයේ පිරිවැය රුපියල් මිලියන 677ක් වී තිබූ නමුත් සමාලෝචිත වර්ෂයේ ලැබී තිබූ ලාභාංශ ආදායම රුපියල් 444,079ක් පමණක් වූ බවත්, එය මුළු ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 0.067කට සමාන අගයක් බව ද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ලාභාංශ නොලබන ආයතන සම්බන්ධයෙන් අධිකාරියේ කළමනාකරණය විසින් ඉදිරියේදී සලකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළමනාකාරීත්වය පවසා ඇත.