බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්කළ ශානිකා දිසානායක මහත්මිය නිල වශයෙන් එම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාව සහ බහරේනය අතර ගතික ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමේ වැදගත්කම, ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම, වෙළෙඳ හා ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන අංශවල සහයෝගීතාව පුළුල් කිරීම මඟින් ලබාගත හැකි ප්‍රයෝජන සම්බන්ධයෙන් අවධාරණය කර ඇත.
ඊට අමතරව බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් කර ඇති ඒ මහත්මිය, දූත මණ්ඩලයේ සහජීවනයෙන් හා ඉදිරිගාමීව සිතන ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබෙන අතර එමඟින් කොන්සියුලර් සේවා බාධාවකින් තොරව සැපයීම සහතික කරයි.
බහරේනයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපැවැත්ම ප්‍රමුඛතාවක් ලෙස ඒ මහත්මිය අවධාරණය කර තිබෙන අතර, දෙරටේම පොදු අවශ්‍යතා ඉදිරියට ගෙනයමින් බහරේනය ශ්‍රී ලංකාවේ අඩිපාර ශක්තිමත් කිරීමට සාමූහිකව කටයුතු කිරීමට දිරිමත් කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවාවට සම්බන්ධ ශානිකා දිසානායක මහත්මිය, බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරිය ලෙස ද සේවය කළාය.