ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation – IFC) අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) මූලිකත්වයෙන් වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගණයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා කායක් බෝට්ටු හැටක් (60) දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ වෙත ලබා දීම, පසුගියදා (17) වැලිසර නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගණයේදී සිදු කෙරිණි.
නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගණයේදී, නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නිපදවන ලද කැනෝ බෝට්ටු 30ක් සහ කායක් බෝට්ටු 30ක් දිවයිනේ ප්‍රකට ජල ක්‍රීඩා සමාජ වන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව Bolgoda Lake rowing club, Lanka Adventure, Adventure SEAL, North wing project in Jaffna, Diyawanna Water sports club යන ක්‍රීඩා සමාජ වෙතත්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය සහ දිවයිනේ විවිධ පළාත් නියෝජනය වන පරිදි පාසල් ක්‍රීඩා සමාජ වෙත ලබා දීම මෙලෙස සිදු කෙරිණි.