Home » සිත්තර යුව­ළ­කගේ සිතු­වම් දැක්මක් හෙට සිට දින 5ක්

සිත්තර යුව­ළ­කගේ සිතු­වම් දැක්මක් හෙට සිට දින 5ක්

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

ප්‍රවීණ දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේ­සේ­කර සහ ප්‍රවීණ දෘශ්‍ය කලා ශිල්පිනි අචලා ගුණ­ව­ර්ධන සිත්තර යුවළ ඉදි­රි­පත් කරන FIRST IMPRESSION A Printmaking Milestone in Sri Lanka සිතු­වම් දැක්ම හෙට (21) ප.ව. 5.00ට කොළඹ 7,හෝර්ටන් පෙදෙස,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල දෘශ්‍ය කලා පීඨයේ පිහිටි ජේ.ඩී.ඒ.පෙරේරා කලා­ගා­රයේ දී විවෘත කෙරේ. ප්‍රද­ර්ශ­නය මේ මස 25 වැනිදා තෙක් පෙ.ව.9.00 සිට ප.ව.7.00 දක්වා කලා රසි­ක­යන්ට විවෘ­තව පව­තියි.

සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ දී මේ විෂ­යය පිළි­බඳ මූලි­කව හදාරා මෑත­කදී චීනයේ දී ලද දැනුම හා ප්‍රායෝ­ගික පුහු­ණුව ලත් සුදත් – අචලා යුවළ වඩාත් ගැඹු­රින් හා ප්‍රායෝ­ගි­කව ඊට යොමු­වූහ. Printmaking සඳ­හාම විශේ­ෂ­යෙන් උප­යෝගී කර­ගන්නා වෘත්තී­ය­මය මෙව­ලම් හා ආම්පන්න ( Tools) භාවිත කර­මින් ද ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතා­වට Printmaking සඳ­හාම නිර්මා­ණය කළ යන්ත්‍ර­යක් උප­යෝගී කර ගනි­මින් ද මුද්‍ර­ණය කළ සිතු­වම් එක­තු­වක් මේ ප්‍රද­ර්ශ­න­යට ඇතු­ළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT