කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී සංවාදාත්මක ගායනය ගැන කලාත්මක වැඩමුළුවක් මාර් තු 8 වැනි දින පෙ.ව. 9:00 සිට ප.ව. 4:30 දක්වා සරසවි විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්විණි.වැඩමුළුව පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශ ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කෙරිණි.ටැලන්ට් ඒෂියාහි අධ්යක්ෂ කිත්සිරිමෙවන් ජයසේන සහ නිශාන්ත කුලරත්න මහත්වරුන් ඇතුළු ටැලන්ට් ඒෂියා කණ්ඩායම මෙහි සම්පත් දායකයෝ වෙති.නිර්මාණශීලිත්වය,කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සන්නිවේදනය ආදී කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණ විය.පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක,අංශ ප්‍රධානී ආචාර්ය ප්‍රියන්වදා වනිගසූරිය,වැඩසටහනේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා රත්නබාහු,ආචාර්ය නිලූකා හර්ෂනී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිල්හානි මුණසිංහ,සහකාර කථිකාචාර්ය එම්.එස්. තාරකා සඳපාලි යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූප – රෝහිත ද සිල්වා