Wednesday, March 26, 2025
Home » ශානිගේ පෙත්සම සලකා බලන්න දින නියම කරයි

ශානිගේ පෙත්සම සලකා බලන්න දින නියම කරයි

by chanaka
March 20, 2025 6:51 pm 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 16 වනද කැඳවන ලෙසය.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් රජය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් සම්බන්ධයෙන් නිසියාකාරව විමර්ශන සිදු නොකළ බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කෙරුණු බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පෙන්වාදුන් පෙත්සම්කරු, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ද්වේශසහගත ලෙස තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT