Home » දේශබන්දුට ඇප දෙනවා ද ? නැද්ද? – තීරණය අද

දේශබන්දුට ඇප දෙනවා ද ? නැද්ද? – තීරණය අද

by chanaka
March 20, 2025 8:06 am 0 comment

රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දුටු තැන අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ(19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.

එහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේ, අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

පසුව ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 27 වැනිදා නියෝග කළේය.

දින 20ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වුණේ මෝසමක් ගොනු කරමින්ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT