Home » දේශ­බ­න්දුගේ නිවෙ­සින් හමු වූ දුර­ක­තන ඔස්සේ ඉදිරි විම­ර්ශන

දේශ­බ­න්දුගේ නිවෙ­සින් හමු වූ දුර­ක­තන ඔස්සේ ඉදිරි විම­ර්ශන

රට බීම බෝතල් 1009ක් CID භාර­යට - ඇමැති ආනන්ද විජේ­පාල

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ හෝක­න්දර නිවෙස පරී­ක්ෂා­වේදී පොලිස් භාර­යට ගත් ඇපල් වර්ගයේ ජංගම දුර­ක­තන දෙක මඟින් තොර­තුරු රැසක් අනා­ව­ර­ණය කර­ගත හැකි වෙතැයි මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

නිවෙස පරීක්ෂා කිරී­මෙන් පසුව විදේ­ශීය මත්ව­තුර බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් පොලී­සිය භාර­යට ගත් බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ගිනි අවිය ලෙස සැල­කෙන පිස්තෝ­ල­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

අධි­ක­ර­ණ­යට භාර වූ දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සම්බ­න්ධ­යෙන් විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT