Home » දේශබන්දු රිමාන්ඩ්

දේශබන්දු රිමාන්ඩ්

සැඟවී දින 20කට පසු මාතර උසාවියට භාර වෙයි

by Gayan Abeykoon
March 20, 2025 4:15 pm 0 comment

ගන්දර සමූහ - ජය­සිරි පේදු­රු­ආ­රච්චි

මාක­ඳුරේ මදුෂ්ට-හරක් කටාට වඩා සූක්ෂ්ම අප­රා­ධ­ක­රු­වෙක්

ඡන්ද හිමි නාමලේඛ­නයේ නම නෑ

ගෙවල් 08ක් තියෙ­නවා

නිවෙස ගෙයක් නෙවෙයි, ස්කාගා­ර­යක්

දිවු­රුම් ප්‍ර‍කාශයේ ඔහුගේ ලිපි­නයේ හිමි­කරු භික්ෂුවක්

කෝටි­ය­කට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා

දින 20ක් සැඟව සිටී­මට ආධාර අනු­බල සහ රැක­ව­රණය දුන්‌ෙන් කවුද?

 – අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් කියයි

 

මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් දුටු තැන අල්ලා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කර සිටි පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අද (20) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මාතර මහේ­ස්ත්‍රාත් අරුණ ඉන්ද්‍ර­ජිත් බුද්ධ­දාස මහතා නියෝග කළේය.

විවෘත වරෙන්තු නිකුත් කිරී­මෙන් පසු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කොන් මහතා සිය නීති­ඥ­ව­රුන් මාර්ග­යෙන් ඊයේ (19) පෙර­ව­රු­වේදී අධි­ක­ර­ණ­යට භාර­වී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කළේය.

මාතර කොට­විල පිහිටි අධි­ක­රණ සංකී­ර්ණ­යට ඊයේ (19) උදෑ­ස­නින්ම පැමිණි තෙන්න­කෝන් මහතා තම නඩු වාරය එළැ­ඹෙන තෙක් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ ආර­ක්ෂිත ස්ථාන­යක රඳ­වනු ලැබ තිබිණි.

පසුව දහ­වල් 12.30ට පමණ නඩුව අධි­ක­ර­ණ­යේදී කැඳ­වනු ලැබීය.

පැමි­ණිල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා සහ සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ජනා­ධි­පති නීතිඥ ශානක රණ­සිංහ මහතා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

සැක­කාර පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ශානක රණ­සිංහ මහතා අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ තම සේවා­දා­ය­කයා අප­රා­ධ­කා­ර­යකු නොවන බවත් ඔහු ගරු අධි­ක­ර­ණ­යට තිබෙන ගෞර­වය නිසා මෙලෙස ඉදි­රි­පත් වූ බවත්ය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරී­මෙන් පසුව තම සේවා­දා­ය­කයා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩු­ක­ර­යක් ගොනු කර­මින් සහ­න­යක් අපේක්ෂා කළ බවත් එය ප්‍රති­ක්ෂේප වූ වහාම පෙර­ව­රු­වේම අධි­ක­ර­ණ­යට පැමිණ භාර වූ බවත් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා පැව­සීය.

ජනා­ධි­පති නීතිඥ ශානක රණ­සිංහ මහතා,

“ස්වාමීනි මෙම සැක­කරු ඇප මත මුදා­හ­රින ලෙස මා ඉල්ලා සිටි­නවා. ඇප ප්‍රති­ක්ෂේප කිරී­මට නම් ඔබ­තුමා ඇප පනතේ විධි­වි­ධාන දෙකක් සලකා බැලිය යුතුයි. විම­ර්ශන මඟ­හැර සිටීම හා සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් කිරීම මෙම කරුණු දෙකයි. මේ සැක­කරු පොලි­ස්ප­ති­ව­රයා වශ­යෙන් “යුක්තිය” යනු­වෙන් විශාල මෙහෙ­යු­මක් කළා. එහිදී අප­රාධ ක්‍රියා­ව­ලට සම්බන්ධ විශාල පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන මේ වන විටත් බන්ධ­නා­ගා­ර­ගත කර තිබෙ­නවා. ඉතින් මේ සැක­කරු බන්ධ­නා­ගා­ර­ගත කළ­හොත් ඔහුගේ ආර­ක්ෂාව තහ­වුරු විය යුතුයි. ඒ හේතු­වෙන් තම සේවා­දා­ය­කයා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා­හ­රි­න්නැයි ඉල්ලා සිටි­නවා.”

පැමි­ණිල්ල වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී­සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා,

“ස්වාමීනි, අද පෙර­ව­රුවේ මට ආරං­චි­යක් ලැබුණා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැක­කරු ටයි කෝට්ව­ලින් සැරසී බෙන්ස් රථ­ය­කින් ඇවිත් මාතර උසා­විය තුළ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒක සැළ වීමෙන් පසු­වයි මා මේ අධි­ක­ර­ණයේ පෙනී සිටින්න තීර­ණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසා­වි­යට ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ඇප අර­ගෙන යන්න මේ සැක­කරු හිතා­ගෙන ඉන්න ඇති. මම උසා­වි­යට එන අව­ස්ථා­වෙත් මේ සැක­කරු ටයි­කෝ­ට්ව­ලින් සැර­සිලා බංකු­වක වාඩි වෙලා සිටියා. ස්වාමීනි මම අහන්න කැම­තියි. මොහු බංකු­වක වාඩි වෙලා ඉන්නේ කොහො­මද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ. මොහු අප­රා­ධ­කා­ර­යෙක්. අප­රා­ධ­ක­රු­වකු උසා­වි­යට එන්න ඕනෑ දණ­ගා­ගෙන. මෙහෙම සිංහ ලීලා­වෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කර­ගෙන යටි­කූට්ටු ගේම් ගහ­මින් දින විස්සක් පමණ අධි­ක­ර­ණය මඟ­හැර හැංගිලා සිටියා. සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් හැටි­යට සැල­කෙන මාක­ඳුරේ මදුෂ්, හරක් කටා වැනි අප­රා­ධ­ක­රු­ව­න්ටත් වඩා සූක්ෂ්මව කට­යුතු කළ පුද්ග­ල­යකු බවට විම­ර්ශ­න­ව­ලදී පෙනී යනවා. විවිධ යටි­කූට්ටු උපක්‍ර‍ම අන්චි අදි­මින් රංගන ශිල්පි­ය­කුගේ අව­සා­නය අද සනි­ටු­හන් වෙනවා. ඔහු උසා­වි­යට ආවේ නහය ළඟ­ටම වතුර ගලා­ගෙන ආවට පස්සේ. මේ සැක­කරු අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ පෙත්සමේ පළමු වැනි වග­උ­ත්ත­ර­කරු ලෙස නම් කර තිබුණේ ඔබ­තු­මා­වයි. ඔබ­තුමා අධි­ක­රණ ශාලාවේ දොර­ගුළු වහ­ගෙන කුම­න්ත්‍ර­ණය කර­නවා කිය­ලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා. මේ සැක­කරු පොලි­ස්පති ධුරයේ කට­යුතු කර­න­කොට ප්‍රකාශ කර තිබුණා අප­රා­ධ­ක­රු­වන්ව ආරක්ෂා කරන්නේ නීති­ඥ­වරු කියලා. එහෙම කියපු එයා අද නීති­ඥ­ව­රු­න්වත් වට කර­ගෙන උසා­වි­යට ඇවිල්ලා ඉන්නවා.

ස්වාමීනි, මේක W15 හෝට­ල­යට වෙඩි තැබීමේ නඩුව නෙමෙයි. මෙය මොහුගේ කර්මය සම්බන්ධ නඩු­වක්. කර්මය ගැන විශේ­ෂ­යෙන් අර්ථ­ග­න්ව­නවා නම් මොහු සම්බ­න්ධ­යෙන් දිට්ඨ ධම්ම­වේ­ද­නීය කර්මය ඵල­දීමේ නඩු­වක්. මොහුට ඒක අමු­තු­වෙන් පැහැ­දිලි කරන්න අවශ්‍ය නැහැ. ඔහුගේ ඇස් පනා­පි­ටම එය ඵල දීලා තියෙන්වා.

ස්වාමීනි, මේ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස ඔබ­තුමා නියෝ­ග­යක් නිකුත් කිරී­මෙන් පසුව ප්‍රභා­ක­රන් හොය­නවා වගේ විශාල පොලිස් කණ්ඩා­ය­මක් මොහු සොයා මෙහෙ­යුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බල­යත් ආග­මික බල­යත් පාවිච්චි කර­ගෙන ඊයේ දවස වන­තුරු මොහු හැංගිලා හිටියා. මොහු ලිපි­නය වශ­යෙන් දාලා තිබුණු දිවු­රුම් ප්‍ර‍කාශයේ ඔහුගේ ලිපි­නයේ හිමි­කරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්.

පසු­ගිය දින කීප­යේ­දීම මෙයා ගැන පොලී­සිය නිල­මේ­වරු, දේශ­පා­ල­ක­යන් ඇතුළු විවිධ පුද්ග­ල­ය­න්ගෙන් ප්‍රශ්න කළා. එවැනි අය සමඟ තමයි මොහු ඩීල් දාලා තියෙන්නේ. මේ සැක­ක­රුගේ නිවෙස පරීක්ෂා කළ අව­ස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795ක් සොයා­ගෙන තිබෙ­නවා. කෝටි­ය­කට වඩා වටිනා මත්පැන් බෝතල් සොයා ගත්තා. හැම්පර් විත­රක් එක­සිය ගාණක් තිබ්බා. රජයේ සේව­ක­යන්ට තුටු පඬුරු ලබා ගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහො­මද? මොහුගේ නිවෙස ගෙයක් නෙවෙයි. ඒක ස්කාගා­ර­යක්. කිසිම දේපො­ළක් මොහුගේ නමට ලියා­ප­දිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බවට තොර­තුරු ලැබී තිබෙ­නවා. ඒ නිසයි මම කිව්වේ මාක­ඳුරේ මදූෂ් සහ හරක් කටා වැනි පුද්ග­ල­යන්ගේ දේපොළ පවා තහ­න­මට ගැනී­මට හැකි­යාව ලැබු­ණත් මේ පුද්ග­ල­යාගේ දේපොළ පිළි­බඳ මෙතෙක් කිසිදු නිශ්චිත තොර­තු­රක් අනා­ව­ර­ණය වෙලා නෑ. මොහුගේ නම සහ පවුලේ අයගේ නම් 2021න් පසුව ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ පවා සඳ­හන් වෙන්නේ නෑ. මෙම සැක­කරු අධි­ක­ර­ණය මඟ­හැර කට්ටි පනි­මින් සිටි පුද්ග­ල­යෙක්. ස්වාමීනි, ඔබ­තුමා මේ වෙලා­වේදී සලකා බැලිය යුත්තේ ඇප ලබා දීම නොවෙයි. දින 20ක් මොහුට සැඟව සිටී­මට ආධාර අනු­බල දුන් සහ රැක­ව­රණ දුන් පුද්ග­ල­යන් කවුද යන්නයි. ඒ මන්ද යත් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය එම පුද්ග­ල­යන් කවු­රුන්ද යන්න සොයා බලා නීති­මය පිය­වර ගත යුතු බවට නියම කරලා තියෙ­නවා.

ඒ අනුව ඇප දීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල වෙනු­වෙන් දැඩි ලෙස විරු­ද්ධ­ත්වය දක්ව­නවා. ඒ අනුව ඔබ­තු­මන්ගේ අධි­ක­ර­ණයේ කාර්ය­භා­රය විය යුත්තේ මෙවැනි පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් සමා­ජ­යට ප්‍ර‍බල පණි­වි­ඩ­යක් ලබා දීමයි. එනම් කිසි­වකු නීති­යට ඉහ­ළින් නොව නීති­යට අනු­ග­තව සිටිය යුතු බවත් නීතියේ ආධි­ප­ත්‍යය ආරක්ෂා කළ යුතු බවත්ය. ඒ වගේම සමා­ජ­යට පණි­වි­ඩ­යක් දිය හැකි තීන්දු­වක් ලබා­දෙන ලෙසත් ඉල්ලා සිටි­නවා.”

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඇප ඉල්ලීම පිළි­බඳ නියෝ­ගය අද (20) දින ප්‍රකා­ශ­යට පත් කරන තෙක් නඩුව කල් තැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT