Wednesday, March 26, 2025
Home » ලක්ෂ 959ක බැංංකු ගිණුමේ තහනම අත්හිටුවීම කෙහෙ­ළි­යගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ලක්ෂ 959ක බැංංකු ගිණුමේ තහනම අත්හිටුවීම කෙහෙ­ළි­යගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

by Gayan Abeykoon
March 20, 2025 8:00 am 0 comment

චන්දන ජය­වීර

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ නිවෙ­සට පහ­ර­දීම නිසා සිදු වූ හානිය වෙනු­වෙන් පසු­ගිය ආණ්ඩුව ගෙවන ලද රුපි­යල් ලක්ෂ 959ක වන්දි මුදල බැර කර ඇති පාර්ලි­මේන්තු ශාඛාවේ ජංගම ගිණුම අත්හි­ටු­ව­මින් දී ඇති අධි­ක­රණ නියෝ­ගය අහෝසි කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදි­ත්‍යය පට­බැඳී මහතා ඊයේ (19) නිෂ්ප්‍රභ කළේය.

අල්ලස් හෝ දූෂණ කොමි­සම සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව කොළඹ මහා­ධි­ක­ර­ණය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ සහ ඔහුගේ පවුලේ උද­වි­යට අයත් දේපොළ, බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවි­සුම් කිහි­ප­යක් පසු­ගිය සැප්තැ­ම්බර් මස සිට අත්හි­ටුවා තිබේ.   වන්දි මුද­ලට අම­ත­රව හිටපු ඇමැ­ති­ව­ර­යාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ද බැරව ඇත්තේ අත්හි­ටුවා ඇති රාජ්‍ය බැංකු­ව­කට අයත් පාර්ලි­මේන්තු ශාඛාවේ ගිණු­ම­ටය.   වග­උ­ත්ත­ර­ක­රුගේ දිය­ණි­යක වූ චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල නමැති තැනැ­ත්තිය නීති­ඥ­යන් මාර්ග­යෙන් මෝස­මක් ගොනු කර­මින් බැංකු ගිණුම් තහ­නම ඉවත් කරන ලෙස ඉල්ලී­මක් කරන ලදී. එම ඉල්ලී­මට අල්ලස් හෝ දූෂණ කොමි­සම බල­වත් ලෙස විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කර­මින් අත්හි­ටුවා ඇති ගිණු­මට මෙම මුදල් ලැබී­ම්ව­ලට අති­රේ­කව වෙනත් මුලා­ශ්‍ර­ව­ලින් මුදල් ලැබී ඇති බවත් ඒ පිළි­බඳ පරී­ක්ෂණ සිදු­වන බවත් පෙන්වා දුන්නාය.

අදාළ මුදල් වෙනත් බැංකු ගිණු­ම­කට බැර කළ හැකි දැයි උසා­විය විමසා සිටි අව­ස්ථාවේ බැංකු ගිණු­මක් ආරම්භ කිරී­මේදී මතුව ඇති ගැටලු සහ­ගත තත්ත්වය පිළි­බඳ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ නීති­ඥ­යන් අධි­ක­ර­ණයේ අව­ධා­නය යොමු කර සිටි­යේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය නියෝ­ගය නිකුත් කිරීම ඊයේ (19) දක්වා කල් තැබු­වේය.

අල්ලස් කොමි­සම විසින් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට අයත් රුපි­යල් ලක්ෂ 200කට අධික වටි­නා­ක­මක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් 2ක් මේ වන විට අත්හි­ටුවා තිබේ.

කොළඹ මහා­ධි­ක­ර­ණය වග­උ­ත්ත­ර­ක­රුගේ බැංකු ගිණු­ම්ව­ලට අම­ත­රව ඔහුගේ පවුලේ උද­වි­යට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් ද අත්හි­ටුවා ඇත. ඒවායේ වටි­නා­කම රුපි­යල් 97,125,000කට අධි­කය.   එම දේපො­ළ­ව­ලට අම­ත­රව කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ පුත් රමිත රඹු­ක්වැල්ල විසින් මිලදී ගෙන ඇති කොල්ලු­පි­ටිය ප්‍රදේ­ශයේ සුපිරි මහල් නිවාස සංකී­ර්ණ­යක ඇති නිවාස දෙකක් පරි­හ­ර­ණය තහ­නම් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණය තවත් නියෝ­ග­යක් නිකුත් කර තිබේ. එම නිවාසේ වටි­නා­කම කෝටි 14.5කි.  2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වග­න්තිය අනුව මුදල් විශු­ද්ධි­ක­රණ නමැති වරද සිදු කිරීමේ චෝද­නාව යටතේ හිටපු ඇමැති කෙහෙ­ළිය බණ්ඩාර දිසා­නා­යක රඹු­ක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රිය­ද­ර්ශනී ඈපා වීහේන සහ දරු­වන් වන චමිත්‍රී ජය­නිකා රඹු­ක්වැල්ල, චනුලා රමාලී රඹු­ක්වැල්ල, අමාලී නය­නිකා රඹු­ක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ග­ස්දෙ­ණිය යන අයට අයත් දේපොළ ඒ අනුව අත්හි­ටුවා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT