Home » අර්ජුන් ඇලෝ­ෂි­යස්ට චෝදනා පත්‍ර අප්‍රේල් 30 භාර දෙන්නැයි අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක්
ලක්ෂ එක­සිය විස්සක් වංචා කිරීමේ සිද්ධිය

අර්ජුන් ඇලෝ­ෂි­යස්ට චෝදනා පත්‍ර අප්‍රේල් 30 භාර දෙන්නැයි අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක්

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

කල්පනි අබේ­සිංහ

පුව­ත්ප­තක් මුද්‍ර­ණය කිරීම සඳහා නෙප්චූන් පේපර් පෞද්ග­ලික සමා­ග­මෙන් කඩ­දාසි ලබා‍ෙ­ගන රුපි­යල් ලක්ෂ එක­සිය විස්සක් වංචා කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවේ සැක­කාර මෙන්ඩිස් සමා­ගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝ­ෂි­යස්ට අදාළ චෝදනා පත්‍ර භාර දීම අප්‍රේල් 30 වැනි සිදු කරන ලෙසට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් හර්ෂණ කැකු­ණ­වෙළ මහතා ඊයේ (19)නියෝග කළේය.  අදාළ නඩුව කැඳවූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය කළේය.

මෙන්ඩිස් සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­ර‍ෙ­යක් වන අර්ජුන් ඇලෝ­සි­යස් ඊයේ දින අධි­ක­ර­ණයේ පෙනී සිටි අතර සෙසු සැක­කරු වන මෙන්ඩිස් සමා­ගමේ තවත් අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් වශ­යෙන් සිටි කඩ­තොඩ ගෙදර චමින්ද සනත් බණ්ඩාර ඊයේ දින අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටි­යේය.  පුව­ත්පත් මුද්‍ර­ණය කිරීම සඳහා කඩ­දාසි ගෙන්වා බෙදා හරින නිප්චූන් පේපර් පෞද්ග­ලික සමා­ගම විසින් මෙම නඩුව පවරා තිබුණි. පැමි­ණිල්ල වෙනු­වෙන් නීතිඥ ධර්ම­ති­ලක ගමගේ මහ­තාගේ උප­දෙස් පරිදි නීතිඥ රාහුල් ජය­ති­ලක අධි­ක­ර­ණයේ කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කරනු ලැබුවේ

විත්ති­ක­රු­වන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හත­ර­කදී චෙක්පත් හත­රක් නිකුත් කර­මින් රුපි­යල් මිලි­යන 12ක් වංචා කිරීම හා සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බවය. විත්ති­කාර ඇලෝ­සි­යස් මහතා වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා කරුණු දක්ව­මින් සඳ­හන් කරනු ලැබුවේ අදාළ මුදල් ගෙවීම සම්බ­න්ධ­යෙන් කරුණු සලකා බල­මින් යන බවද නීති­ඥ­ව­රයා පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT