පේරු රාජ්‍යයේ ජනප්‍රිය ගායකයකු වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය යෑම හේතුවෙන් ජනතා විරෝධය පැතිරී යෑමත් සමඟ ලිමා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජනප්‍රිය ගායක පෝල් ෆ්ලෝර්ස් පසුගිය ඉරිදා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත වූ බවත්, අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ජනාධිපතිනිය ඩීනා බොලුවාර්ටේගේ නියෝගයක් මත අගනුවර බලය පොලීසියට සහ හමුදාවට පවරා ඇති අතර, දින 30ක කාලසීමාවකට එම නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඕනෑම අවස්ථාවක එරට ආරක්ෂක අංශවලට විරෝධතාකරුවන් හෝ වෙනත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවසර ඇති බව ද වාර්තා වේ.