අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් ඇතුළත් ලිපිලේඛන 2,182ක් ප්‍රසිද්ධ කිරීමට ට්‍රම්ප් පරිපාලනය ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1963 වසරේදී ඝාතනයට ලක්වූ ජෝන් එෆ්.කෙනඩිගේ මරණය සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් එම ලිපිලේඛනවල අඩංගු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
දශක 6කට වැඩි කාලයක් පුරා අබිරහසක් ලෙස පැවැති කෙනඩි ඝාතනය අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතනයක් ලෙස සැලකෙන අතර, ඒ පිළිබඳ රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ ජනපති ධුරයේ දිවුරුම් දීමේ උණුසුම මැකී යෑමටත් පෙරය.