Wednesday, March 26, 2025
Home » දශ­ක­ය­කට පසු ඉන්දි­යාව සහ නව­සී­ල­න්තය අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම යළි පණ­ගැ­න්වෙයි

දශ­ක­ය­කට පසු ඉන්දි­යාව සහ නව­සී­ල­න්තය අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම යළි පණ­ගැ­න්වෙයි

by Gayan Abeykoon
March 20, 2025 4:04 pm 0 comment

ඉන්දි­යාව සහ නව­සී­ල­න්ත­යට අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම සම්බ­න්ධව වසර 10කට පසු යළි සාකච්ඡා ආරම්භ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නව­සී­ලන්ත අග­මැති ක්‍රිස්ටෝ­පර් ලක්සන්ගේ සිවු­දින ඉන්දීය සංචා­ර­යට සම­ගා­මීව එම සාකච්ඡා ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. වසර 2015න් පසු පළ­මු­ව­රට දෙරට අතර නිද­හස් වෙළෙඳ ගිවි­සුම සඳහා ඉන්දි­යාවේ වාණිජ හා කර්මාන්ත ඇමැති පියුෂ් ගෝයල් සහ නව­සී­ල­න්තයේ වෙළෙඳ හා ආයෝ­ජන ඇමැති ටොඩ් මැක්ලේ අතර පැවැති හමු­ව­කින් පසුව එම ඓති­හා­සික ගිවි­සුම සම්බ­න්ධව මූලික කරුණු සාක­ච්ඡා­වට ලක්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරයි.

ඉන්දි­යාව සහ නව­සී­ල­න්තය අතර භාණ්ඩ හා සේවා, ආයෝ­ජන සහ ඒ ආශ්‍රිත ගැටලු විස­ඳා­ග­නි­මින් ද්විපා­ර්ශ්වික වෙළෙ­ඳාම ශක්ති­මත් කිරී­මට අව­ධා­නය යොමු වූ බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT