Wednesday, March 26, 2025
Home » ට්‍රම්ප්-පුටින් මිනිත්තු 90ක දුර­ක­තන සාක­ච්ඡා­වක්

ට්‍රම්ප්-පුටින් මිනිත්තු 90ක දුර­ක­තන සාක­ච්ඡා­වක්

පූර්ණ සටන් විරා­ම­ය­කට රුසි­යානු ජන­පතිගෙන් කොන්දේසි

by Gayan Abeykoon
March 20, 2025 4:12 pm 0 comment

අමෙ­රි­කානු සහ රුසි­යානු ජනා­ධී­ප­ති­වරු අතර ඊයේ පැවැති යුක්රේ­නයේ අනා­ග­තය ගැන තීර­ණා­ත්මක දුර­ක­තන සාක­ච්ඡාව මිනිත්තු 90ක කාල­යක් ඇදී ගිය බවත්, පූර්ණ සටන් විරා­ම­යක් සඳහා රුසි­යානු ජනා­ධි­පති ව්ලිදි­මීර් පුටින් අක­මැත්ත පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරී­මෙන් පසු රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සාකච්ඡා කළ පළමු අව­ස්ථාව මෙය වන අතර, ඔවුන්ගේ සාක­ච්ඡාව ඉතා සුහ­ද­ශී­ලීව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම සාක­ච්ඡාව අත­ර­තුර ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදි­රි­පත් කළ සටන් විරාම යෝජ­නා­වට පුටින් එක­ඟ­තාව පළ නොක­ළද, දින 30ක කාල­සී­මා­වක් සඳහා යුක්රේ­නයේ බල­ශක්ති නිෂ්පා­ද­නා­ගාර වෙත ප්‍රහාර එල්ල කිරි­මෙන් වැළකී සිටී­මට එක­ඟ­තාව පළ කර ඇතැයි වාර්තා වේ. යුක්රේ­නය සමඟ සටන් විරා­ම­ය­කට යෑමට පෙර අමෙ­රි­කා­වෙන් සහ යුරෝ­ප­යෙන් යුක්රේ­න­යට ලබා­දෙන හමුදා ආධාර මෙන්ම බුද්ධි තොර­තුරු හුව­මාරු කිරීම් ද නැවැ­ත්විය යුතු බවට පුටින් කොන්දේ­සි­යක් ඉදි­රි­පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT