ගාසා යුද්ධය යළි ආරම්භ කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජනතාව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ඊයේ එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජනතාව එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්වී අගමැතිවරයාට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ටෙල් අවීව් සහ ජෙරුසලම අතර අධිවේගී මාර්ගය ද වැටලූ ජනතාව හමාස් සංවිධානය සමඟ නැවත සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරමින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඊශ්‍රායල රජයට බලපෑම් කළ බව ද වාර්තා වේ.