Tuesday, March 25, 2025
Home » අභ්‍ය­ව­කාශ නැව­තු­ම්පො­ළට ගිය අමෙ­රි­කානු ගග­න­ගා­මීහු මාස 9කට පසු යළි පෘථි­වි­යට

අභ්‍ය­ව­කාශ නැව­තු­ම්පො­ළට ගිය අමෙ­රි­කානු ගග­න­ගා­මීහු මාස 9කට පසු යළි පෘථි­වි­යට

SpaceX යානය නිරු­ප­ද්‍රි­තව ෆ්ලොරිඩා මුහුදු තීර­යට ගොඩ බසී

by Gayan Abeykoon
March 20, 2025 4:15 pm 0 comment

මාස 9ක් අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­නයේ කොටු වී සිටි අමෙ­රි­කානු ගග­න­ගා­මීන් දෙදෙ­නකු වන සුනිතා විලි­යම්ස් සහ බච් විල්මෝර් ඊයේ නිරු­ප­ද්‍රි­තව නැවත පෘථි­වි­යට සේන්දු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් රැගෙන පැමිණි ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සි­යු­ල­රය අධි වේග­වත් පැය 17ක ගම­න­කින් පසු  පෘථිවි වායු­ගෝ­ල­යට ඇතුළු වූ බවත්, අන­තු­රුව පැර­ෂූට් හත­රක ආධා­ර­යෙන් වේගය සීමා කර­මින් අමෙ­රි­කාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මුහුදු තීර­යට ගොඩ බැස්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. අන­තු­රුව මෙහෙ­යුම් නෞකා­වක් විසින් ගොඩ ගනු ලැබූ එම කැප්සි­යු­ල­ර­යෙන් ගග­න­ගා­මීන් දෙදෙනා පොළො­වට පා තැබූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඔවුන් රැගෙන ඒම සඳහා ස්පේස් එක්ස් යාන­යෙන් අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යට ගිය රුසි­යානු සහ අමෙ­රි­කානු ගග­න­ගා­මීන් දෙදෙ­නකු සමඟ නැවත පෘථි­වි­යට පැමිණි සුනිතා සහ බච් නාසා ආය­ත­නයේ නිල­ධා­රීන් ඇතුළු පිරිස උණු­සුම් අයු­රින් පිළි­ගත් බවත්, නැවත සිය පවුලේ සාමා­ජි­ක­යන් සමඟ එක්වී­මට පෙර පූර්ණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට පෙනී සිටි බවත් වාර්තා වේ.

දින අටක කාල­සී­මා­වක් සඳහා පසු­ගිය වසරේ ජූනි මස 5 වැනිදා අභ්‍ය­ව­කාශ නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ගිය එම ගග­න­ගා­මීන් දෙදෙ­නාට ඔවුන් ගමන් ගත් ස්ටාර්ල­යි­නර් යානයේ හීලි­යම් ද්‍රාවණ කාන්දු­වී­මක් සහ තවත් කාර්මික දෝෂ රැසක් හට ගැනීම හේතු­වෙන් නිය­මිත කාල­යේදී යළි පැමි­ණී­මට නොහැ­කිවූ අතර, එම දීර්ඝ කාල පරි­ච්ඡේ­ද­යේදී අමෙ­රි­කාව ඇතුළු ලොව පුරා වෙන­ස්කම් රාශි­යක් සිදුවී තිබිණි. සුනිතා සහ බච් අභ්‍ය­ව­කා­ශය නැව­තුම් මධ්‍ය­ස්ථා­නය කරා පියා­සර කළ පසු­ගිය වසරේ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ජෝ බයිඩ්න් ධුරයේ සිටි අතර, ඊයේ ඔවුන් නැවත පෘථි­වි­යට පැමි­ණියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාල­යේ­දීය. පසු­ගිය වසරේ නත්ත­ලත්, මෙවර නව වසරේ උදා­වත් පෘථි­වි­යෙන් පිටගත කළ ගග­න­ගා­මීන් දෙදෙනා වෛද්‍ය පරී­ක්ෂ­ණ­යෙන් පසුව මාධ්‍ය හමු­ව­කට ද එක් වූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT