Tuesday, March 25, 2025
Home » කේලම් කත නොදුටු ආදරේ

කේලම් කත නොදුටු ආදරේ

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

මේ කතාව ඇහෙන්නේ කැබි­ති­ගො­ල්ලෑව ප්‍රදේ­ශයේ දුෂ්කර ගමක වැව් ඉස්ම­ත්තෙනි.Óවස්තුවේ මම ඔයාට ආද­රෙයිÓ යන වච­නය නිසා ඉල­පත් පහර කෑමට සිදුවූ පුව­තකි.

ගමේ සිටි රූමත් තරු­ණි­යක් වන ඇය කුඩා අව­ධියේ සිට හැදී වැඩුණේ ඇයගේ අත්ත­ම්මාගේ නි‍ෙව­සේය. මිනි­පි­රි­යගේ රූම­ත්කම නිසාම අත්තම්මා ඇය ගැන නිර­න්ත­ර­යෙන් උකුසු ඇස යොමා ගෙන සිටි­යාය. ගමේ ගැහැ­නුන්ගේ සහ මිනි­සුන්ගේ ඕපා­දූප කට­ව­ලින් ඈ ගැන ගිනි ඇවි­ළෙන්න ඉඩ නොදී­මට අත්තම්මා වග­බලා ගත්තාය. එමෙන්ම මිනි­පි­රි­යට ද ඇය තර­යේම තර­වටු කර­මින් අව­වාද කරන්න පටන් ගත්තේ කුඩා අව­ධියේ සිට­මය. දැන් ඇය නව යොවුන් රූමත් තරු­ණි­යක් නිසා අත්තම්මා ඇයගේ ගමන් බිමන් සහ හැසි­රීම ගැන දැඩි ලෙස අව­ධා­න­යෙන් පසු වූවාය.

මේ අතර නි‍ෙවසේ ඇති දැඩි කරන කිරි එළ­දෙ­නට සුර­තල් වසු පැටි­යෙක් සිටි අතර, එම වසු පැටි­යාට මේ රූමත් තරු­ණිය බෙහෙ­වින්ම ආද­රය කළාය.කාලය මෙලෙ­සින් ගෙවී යන අත­ර­තුර ගමේ කොලු­ගැ­ටව් අත්ත­ම්මාගේ නි‍ෙවස වටා වේලා­වක් අවේ­ලා­වක් නැතිව නිතර සැරි­ස­ර­මින් මාන බැලුවේ මේ රුවැ­ත්තිය දැලේ දා ගැනී­ම­ටය. ඇයට ගමේ තරු­ණ­ය­න්ගෙන් ප්‍රේම සබ­ඳ­තා­ව­කට කොත­රම් ඇරැ­යුම් ආවත් ඇය ඒවා තරයේ ප්‍රති­ක්ෂේප කළාය. මේ හේතුව නිසා ගමේ බොහෝ තරු­ණ­යන් මෙන්ම ඔවුන්ගේ නෑදෑ හිත­ව­තුන්ද මේ මිනි­පි­රිය සහ අත්තම්මා පිළි­බඳ සිටියේ තර­මක නොහොඳ නෝක්කා­ඩු­වෙනි. නිර­ප­රාදේ අනුන්ට පද හද­මින් සිටින එක්තරා කාන්තා­වක් ද ගමේ සිටි අතර ඇයගේ පුතාද මේ රූමත් මිනි­පි­රි­යට බැල්ම හෙළා සිටි අයෙකි.

දිනක් ගමේ වැවට යාබ­දව ඇති වන ලැහැ­බ­කින් කාන්තා කට­හ­ඬ­කින් ආද­ර­ණීය ලෙස ආම­න්ත්‍ර­ණය කරන හඬක් ඕපා­දූප සොයන කාන්තා­වට ඇසුණි.

Òවස්තුවේ, මම ඔයාට ගොඩාක් ආද­රෙයි. ඉතින් මගේ රත්ත­රන්, මට ඔයා ළඟ­ටම වෙලා ඉන්න බැහැනේ. මම ඉක්ම­න­ටම ගෙදර ගිහින් ආයෙත් ඔයා ළඟට එන්නම් හොඳේ.ආද­රෙයි පැටියෝÓ යනු­වෙන් ඇසුණු කාන්තා හඬ කාගේ­වත් නොව රූමත් මිනි­පි­රි­ය­ගේම බව සැක හැර දැන­ගත් ඕපා­දූප සොයන කාන්තාව විනාඩි කිහි­ප­යක් ඇතු­ළත ඒ පුවත ගම පුරා ගිනි ඇවි­ළු­වාය.

අත්ත­ම්මාගේ රූමත් මිනි­පි­රිය වැව් ඉස්මත්තේ අකු­ලක් ඇතුළේ කවු­රුන් හෝ සමඟ පෙම්බස් දොඩ­මින් සිටින වග අසුරු සැණෙ­කින් ගම පුරා පැතිරී ගියේය.

අත්ත­ම්මාගේ කන­ටද ඇවි­ළිණු ගින්නේ රස්නය දැනුණි. අත්තම්මා කඩි­න­මින් වත්ත පහළ වන ලැහැ­බට දිව­ගෙන ගියාය. ඒ යන විටත් මිනි­පි­රිය පුළුන් බෝල­යක් වැනි වසු පැටි­යාගේ හිස අත­ගා­මින් Òවස්තුවේ මම ඔයාට ගොඩක් ආද­රෙයි Ò යනු­වෙන් මුමු­න­නවා අත්ත­ම්මාට දැක ගැනී­මට හැකි විය.

මාරා­වේ­ශ­යෙන් ආපසු මිනි­පි­රි­යත් සමඟ නි‍ෙව­සට පැමිණි අත්තම්මා මිදුල අතු­ගාන ඉඳල අතට අර­ගෙන ඕපා­දූප පතු­රු­වන කාන්තාව මුණ­ගැ­සු­ණාය.

මිනි­පි­රි­යගේ ආද­ර­ණීය වද­න්වල දිග පළල හොඳ හැටි කියා දුන් අත්තම්මා දෑත උඩට ඔසවා කේලාම් පතු­රපු කාන්තා­වගේ පිට හරහා ඉදල් පහර කීප­යක් පත බෑවාය.

දැන් මේ මුළු ගමේම Ò වස්තුවේ මම ඔයාට ගොඩාක් ආද­රෙයිÓ යන වච­නය ජන­ප්‍රිය වී ඇත.

කැබි­ති­ගො­ල්ලෑව

හේමන්ත රණ­සූ­රිය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT