Tuesday, March 25, 2025
Home » පොත් පුවත්

පොත් පුවත්

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

සැඟ­වුණු අමුත්තා සොයන්න

අද්භූත මනසේ නොවි­ස­ඳුණු රහස් හෙළි කිරී­මට සිය අත්දැ­කීම් සහ පරි­ක­ල්ප­නය ඇසු­රෙන් රචනා කළ නව­ක­තා­වකි. මේ ඉතා­මත් සංය­ම­යෙන් කළ නිර්මා­ණ­යකි. සීරු මාරු සිති­විලිවල ගැඹු­රු­කම මනාව ඉස්මතු කර­මින් මිනිස් සිති­විලි මානයේ අඳුරු පරා­ස­ය­කට ළඟා වීම මෙහි දක්නට ලැබෙයි. ස්වාමි­පු­රු­ෂ­යෙ­කුට හෝ භාර්යා­ව­කට හෝ නොකි­ලිටි ශරී­ර­යක් අනෙ­කාට පිළි­ගැ­න්විය හැකි නමුත් නෝ කිලිටි සිතක් පිළි­ගැ­න්විය හැකි­දැයි මෙයින් කතු­ව­රිය ප්‍රශ්න නගයි. මෙහි සැඟ­වුණු අමුත්තා හමු­වන්නේ කුතු­හ­ලය සහ පාරි­ක­ල්පන විඤ්ඤා­ණය හමු­වන සන්ධි­ස්ථා­න­ව­ල­දීය.

කර්තෘ – ශිරාණි වීර­සිංහ

ප්‍රකා­ශ­නය – මලි­දුව ප්‍රකා­ශ­කයෝ

මිල – රු. 600=කි.

 


හත­ළිස් ඇඳි­රි­යට පෙර

මෙය කතු­ව­රි­යගේ කුලු­ඳුල් කාව්‍ය සංග්‍ර­හ­යයි. මෙහි නිස­ඳස් සහ සඳැස් කවි පන්ති 46 කි. වෘත්ති­යෙන් නීති­ඥ­ව­රි­යක හා නීති පිඨා­ධි­ප­ති­නි­යක වශ­යෙන් කට­යුතු කරන කාංච­න­මාලා ගීකි­ය­නගේ හත­ළිස් වස­රක සිහින, අරු­න්දති තාර­කාව, රස මතක, දරු දුක, අයියා, මව්ව­ත්කම, මගේ පුන­රු­ත්ප­ත්තිය, දූලි තිලක, විරාගී ආද­රය, අව­බෝ­ධය, නීතිය, ස්ත්‍රී දූෂ­ක­ය­කුට බිරිඳ වීම, මෙහෙ­මයි සිදු­වුණේ යනාදී වශ­යෙන් කාව්‍ය සංග්‍රහ නම් කොට ඇත. කිවි­දිය විසින් තම අත්දැ­කීම වඩාත් කාව්‍යා­ත්ම­කව ධ්වනි­පූර්ණ බස­කින් තැනට උචිත ආකෘ­ති­ය­කින් තෝරා ගැනී­මට සමත් වී ඇත.

කර්තෘ – කාංච­න­මාලා ගීකි­ය­නගේ

ප්‍රකා­ශ­නය – සර­සවි ප්‍රකා­ශ­කයෝ

මිල – රු. 600= කි.

 


Atomic Habits දකින්න වෙනස්ව ජීවි­තය

ලොව ප්‍රකට විශේ­ෂඥ සේම ගත්ක­තු­ව­ර­යකු වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පා­ද­නය කර ඇත. ලොව පුරා මිලි­යන ගණ­න­කගේ ජීවිත සාර්ථක කර  Atomic Habits කෘතිය සමත් වී ඇත. සියුම් පුරු­දු­ව­ලින් මහත් වෙන­සක් සිදු­වන්නේ ඇයි ?, එයාගේ පෙනුම හොඳ මදි, ආක­ර්ෂ­ණය කර ගැනීම, පහසු දායක කර ගැනීම, තෘප්ති­දා­යක කර­ගැ­නීම යන අධ්‍යා­කා­රයේ පරි­ච්ඡේද යටතේ මෙය විග්‍රහ කොට ඇත.

පරි­ව­ර්ත­නය – නිර­න්ජන් චාමින්ද කරු­ණා­ති­ලක.

ප්‍රකා­ශ­නය – ඇම්.ඩි. ගුණ­සේන සහ සමා­ගම.

මුල – රු. 1000= කි.

 


සැබෑ මිනි­සෙ­කුගේ කතා­වක්

රුසි­යන් ලේඛක, බරීස් පලෙ­වොයි විසින් පැරණි රුසි­යන් සෙබ­ළෙකුගේ ජීවන අන්දරේ පසු­බිම් කොට ගෙන ලියූ නව­ක­තා­වකි. අලෙ­ක්සේයි මෙරේ­ස්යෙව් (1916- 2001) කතා­වට පසු­වෙන් වූ සත්‍ය පුද්ග­ල­යායි. මොහු සෝවි­යට් ජන­තා­වගේ සියලු යහ ගුණ­යන් කැටි කොට පෙන්වන ආකෘ­තික චරි­ත­යක් ලෙසින් හඳු­න්වයි.

මෙම නව­ක­තාව කොටස් හත­ර­කින් පෙළ­ගස්වා ඇත. සත්‍ය ඡායා­රූප ද පෙළ­ගස්වා ඇත. පිටු 268 කින් යුක්තය.

අනු­වා­දක – දැඩි­ගම වී. විරු­ද්‍රිගු

ප්‍රකා­ශ­නය – සීමා සහිත ඇම්.ඩී. ගුණ­සේන සහ සමා­ගම.

මිල – රු. 900=

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT