Tuesday, March 25, 2025
Home » මරා දම­න්නට පෙර ඔහුට කන්දෙන්න!

මරා දම­න්නට පෙර ඔහුට කන්දෙන්න!

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

ජුදාස් මරා දම­න්නට පෙර

ඔහුට ඇහු­ම්කන් දීම වටී

පාවා­දෙන්නා යැයි

චෝදනා කර­න්නට පෙර

ඔහුගේ කතාව කියවා බැලීම වටී

ලෝකය වෙනස් කිරී­මට පෙර

හැබෑ­ව­ටම අප වෙනස් වන්නේ නම්;

සැබෑ වෙනස අපට මුණ­ගැ­සෙනු ඇත.

ඒ සඳහා නව ප්‍රවේ­ශ­යක්

මේ පොතෙහි ඇත

ආද­ර­ණීය නෝනා­ව­රුනි, මහ­ත්ව­රුනි,

චන්දිම කාරියවසම්

චන්දිම කාරියවසම්

ඒ කතාව ආරම්භ වන්නේ පහත සඳ­හන් ලෙසින්ය.

තරු පිරුණු අහස යට අඳුරු හුදෙ­ක­ලා­වක

එම හැඟු­ම්බර උප සිර­ස්ත­ලය බෝල්ඩ් අකු­රින් මුද්‍ර­ණය  කර ඇති අතර සමා­ර­ම්භක ඡේද­නය පහත සඳ­හන් අයු­රින් දිග හැරෙයි.

“මට මහා තනි­ක­මක් දැනුණා. තනි­කම කියන්නේ හැඟී­මක්ද? එහෙම නැත්නම් කිසි කෙනෙක් තමන් ගාව නැති වුණාම, භෞති­කව අත්වි­ඳින්න වෙද්දී දැනෙන තත්ත්ව­යක්ද? මම ඉන්නෙ මිනිස්සු ගොඩක් ඉන්න, නිතර දෙවේලේ මිනි­සුන්ව හමු­වෙන කතා­බහ කරන ජීවිතේ විවිධ විදි­හට බෙදා­ගන්න නග­ර­යක. ඒත් මට දැනෙන තනි­ක­මින් හිත මුද­වා­ගන්න අමා­රුයි. මනු­ස්ස­යෙක්ට ජීව­ත්වෙන්න තව මනු­ස්ස­යෙක්ව කොත­රම් වුව­මනා කර­න­වද කියල මට දැනෙන්න ගත්තා”…….

(පිටුව < 09)

සම්භාව්‍ය නව­කතා බොහෝ­ම­යක් ආරම්භ වෙන්නෙ චරිත හඳුන්වා දීම­කින්. පසු­බිම පිළි­බඳ විස්තර කථ­න­ය­කින් හෝ ගැටු­මක් නිර්මා­ණය වන විස්මිත තැන­කින්. ප්‍රබ­න්ධ­යක නිල සමා­ර­ම්භය සිදු වන්නේ එබඳු ශක්ති­මත් අඩි­තා­ල­ම­කින්ය. එහෙත් මේ කෙටි නව­ක­තාව ආරම්භ වන්නේ පාඨ­ක­යාගේ හැඟී­මක් අවදි කර­මින්ය. එය අමුතු සමා­ර­ම්භ­යක් සේ සැලැ­කිය හැකිය. බට­හිර කෙටි නව­කතා ක්ෂේත්‍රය අද මේ ක්‍රම­යට මාරු වී ඇති බවක් ද දැක­ගත හැකිය. පාඨ­ක­යාගේ හැඟීම් ප්‍රකෝප කිරීම, ආවේග මතු කිරීම සාර්ථක නව­ක­තා­ක­රු­ව­කුගේ කාර්යය නොවන බවට තර්ක­යක් පැවැ­තිය ද අද ඊට වැඩි සාහිත්‍ය වටි­නා­ක­මක් නැත. ප්‍රබන්ධ සාහි­ත්‍ය­යට නීති පැන­වී­මට හා සීමා ඇති­කි­රී­මට දරන බොහෝ ප්‍රයත්න කතා­ක­රු­වන් විසින්ම පරා­ජ­යට පත්ක­රනු ලැබේ.

අද අපගේ අව­ධා­න­යට ලක්වන්නේ චන්දන කාරි­ය­ව­සම්ගේ ‘තම්රූ’ නම් කෙටි නව­ක­තා­වය.

තම්රු ප්‍රබ­න්ධය අන්ත­ර්ග­තය අතින් ගත්ත ද ඉදි­රි­පත් කිරීම අතින් ගත්ත ද සුවි­ශේෂී කෙටි ප්‍රබ­න්ධ­යකි. කතු­ව­රයා සිය වෙන­ස්කම් සිදු කරන්නේ ස්වාධීන චින්ත­න­යක පිහිටා නිර්ලෝභී ලෙසය. කතාවේ අන්ත­ර්ග­තය ඔස්සේ වැද­ගත් සමාජ සංවාද කිහි­ප­යක් ගොඩ­නඟා ගත හැකිය. ඒ පහත සඳ­හන් ලෙසින්ය.

(i)            සමාජ ප්‍රග­ම­නය උදෙසා අර­ගල කරන හා එම ව්‍යාපෘ­ති­ව­ලට බාධා කරන පාවා දෙන්නන් ගැන අලුත් කියැ­වී­මක් ඇති කර­ගත  හැකිද? පාවා දෙන්නන් යැයි ලේබ­ල්ගත කරන දුෂ්ට චරිත ගැන නැවත කියැ­වී­මක් යුක්ති­ස­හ­ගත නොව­න්නේද?

(ii)           කැර­ලි­කා­රී­ත්වය තුළ පවත්නා ඉදි­රි­ගාමී ස්වරූ­පය කුමක්ද? එම රටාව හඳුනා ගන්නේ කෙසේද? සම­ස්ත­යක් ලෙස පුන­රු­දය, විප්ල­වය, වෙනස, අර­ග­ලය යන සංකල්ප කියවා ගැනීම සඳහා නව ප්‍රවේ­ශ­යක් අවශ්‍ය නොව­න්නේද?

(iii)          කතෝ­ලික සමා­ජය දෙසත් කතෝ­ලික දර්ශ­නය දෙසත් නව දෘෂ්ටි­ය­කින් බල­න්නට අලුත් ප්‍රවේ­ශ­යක් හා අලුත් ආකෘ­ති­යක් ගොඩ­න­ඟන්නේ කෙසේද?

(iv)          පුද්ගල විමු­ක්තිය සඳහා ද, සමාජ උන්න­තිය සඳහා ද නව ප්‍රවේ­ශ­යක් ගැනී­මට අවශ්‍ය සමාජ පෙළ­ගැස්ම වහ – වහා ඇති කළ යුතුය. ඒ සඳහා සෑම අත­කින්ම සංවි­ධා­න­ගත වීම ඉතා වැද­ගත්ය.

මේ කතා­ක­රුගේ දෘෂ්ටි­වා­ද­යට ශක්ති­මත් අඩි­තා­ල­මක් වැටෙන පසු­ව­ද­නක් මංජුල වෙඩි­ව­ර්ධන විසින් සප­යනු ලැබ තිබේ. ඉන් කොට­සක් උපුටා දැක්වීම වැද­ගත්ය.

“සිංහල බෞද්ධ අධි­නි­ශ්චිත සංස්කෘ­තික සන්ද­ර්භය තුළ එහිම ස්වායත්ත දිගු­වක් වන සිංහල කතෝ­ලි­ක­භා­වය විසින් ආග­මක් බවට ඌන­නය කරන ලද විමු­ක්ති­කාමී ජීස­ස්මය සමාජ මැදි­හ­ත්වීම යළි දර්ශ­නික ක්‍රිස්ති­යා­නිය දක්වා ඔසවා තබ­න්නට අප ගත් දුෂ්කර – භයං­කර සාහි­ත්‍ය­යික ප්‍රවේ­ශය වඩා­ලාත් ගැඹුරු ඉම්පෙ­දෙස් සොය­මින් ඉදි­රි­යට තල්ලු වී යෑම සන්තෘ­ෂ්ටිය දන­ව­න්නකි.”

“මනු­ෂ්‍යයා මැවීම නම් වන මනුෂ්‍ය පරි­ක­ල්ප­නය තව කෙනෙක් නම් දාර්ශ­නික පිරි­ප­හදු වීම් කෙරෙහි අව­න­ත­කා­මී­දැයි පැව­සෙන මෙවන් රම­ණීය ගෙත්ත­ම්ක­රණ සහෘද සන්තා­නයේ ගැඹු­රුම ඉසව් පිරි­මැ­දුම් ස්වර­යෙන් ආම­න්ත්‍ර­ණය කරයි.”

(මංජුල වෙඩි­ව­ර්ධන < පසු­ක­ව­රය)

ලියෝ ටොල්ස්ටෝයි වරෙක කියා සිටියේ බොහෝ දෙනකු ලෝකය වෙනස් කළ යුතු යැයි කල­පනා කරන අතර ඔවුන් කිසි­වි­ටෙ­කත් තමන් වෙනස් විය යුතු ආකා­රය ගැන නොසි­තන බවය.  (Every one thinks of changing The World; but no one thinks of changing himself) චන්දන කාරි­ය­ව­සම් තමන්ගේ රටාව වෙනස් කොට නව මාව­තක් කරා පිය­ම­නින රච­ක­යකු බව පෙනෙයි. එබැ­වින් ඔහුගේ ස්වායත්ත ප්‍රබන්ධ අපට බෙහෙ­වින් වටියි.

මේ කතාවේ සාරය ලෙස සැල­කිය  හැක්කේ මවක විසින් සිය දිය­ණිය වෙත යොමු කරනු ලබන ලියුම් කර­ද­හි­යකි. කර­ද­හි­යක් කියූ­වද එය පැපි­රස් පත්‍ර­යකි. එහි අම්මාගේ පණි­විඩ සට­හන් වී ඇත. එය ඓති­හා­සික ලියැ­වි­ල්ලක් සේ සැලැ­කිය හැකිය.

අම්මා සිය දිය­ණිය වෙත යොමු කරන හෘද­යාං­ගම ලිපිය, ජීවි­තය ගැන, සමාජ ප්‍රග­ම­නය ගැන පම­ණක් නොව, අනා­ගත ලෝකය ගැනද බර­සාර ලිය­වි­ල්ලකි. ඇතැ­ම්විට එය දිය­ණි­යගේ මුළු ආත්මය තරම්  බර­සා­රය. ගැඹු­රුය. තවත් විටෙක එය දිය­ණි­යගේ හද­වත පිරි­ම­දින අගනා සුළ­ඟක් වැනිය. මව ඇතැ­ම්විට මගෙ දුවේ යනු­වෙන් ඇගේ දිය­ණිය ආම­න්ත්‍ර­ණය කර­න්නීය. එය ආද­රය උතුරා යන අව­ස්ථා­වකි. මේ මව තමාට නොලැ­බුණු අවස්ථා සිය දිය­ණි­යට ලබා­දීම සඳහා උත්සුක වන අවංක ගැහැ­නි­යකි. ඇය හැම­වි­ටම පාහේ සිය දිය­ණි­යට කරුණු කියා දීම­ටත්, තමන්ට වැරැ­දුණු තැන් පහදා දීම­ටත් වෑයම් කරයි. කිසි­වක් සඟවා තැබී­මට මවට වුව­ම­නා­වක් නැත. ඇය වුව­ම­නා­ව­ටත් වඩා විවෘ­තය. නිද­හස්ය.  මව සිය දිය­ණිය වෙතින් අපේක්ෂා කරන විශේෂ දෙයක් නැත. ඇයට අවශ්‍ය තමන් දන්නා සියල්ල දුව ඉදි­රියේ දිග හරි­මින් ඇයට ජීවි­තය කියා­දී­මට යැයි සිතිය හැකිය. ඒ සෑම අව­ස්ථා­ව­කම විවේ­ච­නා­ත්මක ස්වරූ­ප­යක් ආරූඪ කර ගැනී­මට ද මව උත්සුක වන්නාහ. එය ජීවි­තය පිළි­බඳ ඇති තතු කියන ගැඹුරු ලියැ­වි­ල්ලක් වන්නේ ඒ නිසාය.

“මගේ ආද­ර­ණීය සරා?”

“මේ ලියන්නේ ඉති­හා­සයේ අඳුරේ සඟ­වලා දාන්න නිය­මිත කතා­න්ද­ර­යක්. ඉති­හා­සය ලියන කතා­න්ද­ර­ව­ලට අයි­ති­කා­ර­යන් ඉන්නවා. ඒ හැම කතා­වක් පසු­ප­ස්සේම ඒ අයි­ති­කා­ර­යන්ගේ සැඟ­වුණු වුව­ම­නා­වන් හා න්‍යාය පත්‍ර තියෙ­නවා. සුන්දර වච­න­ව­ලට යටින් ඒ වුව­ම­නාව සැඟ­විලා තියෙ­නවා…”

(පිටුව< 19)

මුළු කතා­වම ගොනුවී ඇත්තේ මේ පැපි­රස් ලිය­ම­න­ටය. වරෙක එය අතීත කතා­වක් හැටි­යට ද තව වරෙක වර්ත­මාන නිරූ­ප­ණ­යක් හැටි­යට ද, තවත් වරෙක අනා­ග­තය ගැන ඉඟි කරන ලියැ­වි­ල්ලක් හැටි­යට ද පවතී. සංකීර්ණ ලියැ­වි­ල්ලකි. උප­දේ­ශ­න­යකි. මාර්ගෝ­ප­දේ­ශ­න­යකි.

මේ ලිපිය ඉදි­රි­පත් කිරීම සඳහා කතු­ව­රයා පෙළ­ග­ස්වන වචන, පව­ත්වා­ගෙන යන රිද්මය හා ඉස්මතු කරන අගනා විව­රණ ජීවි­තය ගැනත්, සමාජ විකා­ශ­නය ගැනත් අලුත් ප්‍ර‍ෙව්ශ­යක් අපට ලබා­දෙයි. අප මුලින්ම සඳ­හන් කළ පරිදි කතා­න්ද­ර­යක සිදු වීම්ව­ලට නොව; හැඟී­මට කතු­ව­රයා මුල්තැන ලබා­දෙයි. හැඟීම් ප්‍රමුඛ බව ද ඒ ඔස්සේ සත්‍යය හඹා­ගෙන යා හැකි බව ද කතු­ව­රයා කියා සිටියි.

“සමා­ජ­යේදී කොහොම වුණත් සාහි­ත්‍ය‍ෙය්දී ප්‍රබන්ධ සේවය කරන්නේ සත්‍ය­යට කියන එක මම විශ්වාස කර­නවා….”

ඒ ගැන එච්ච­රයි !….”

(පෙර­ව­දන සට­හ­නින්)

කතු­ව­රයා අප හමුවේ තබන්නේ විවා­දා­පන්න අද­හ­සකි. ප්‍රබන්ධ කතාව හිත­ළු­වක්, හීන­යක්, ෆැන්ට­සි­යක් නොවිය යුතු යැයි ප්‍රබල මත­යක් පවතී. එලෙ­සම නව­ක­තාව පරි­ක­ල්ප­නයේ ප්‍රති­ඵ­ල­යක් යැයි තවත් මත­යක්ද පවතී. කතු­ව­රයා ඒ කිසි­ව­කට නැඹුරු නොවී තම­න්ගේම සංක­ල්ප­යක් මත සිය ප්‍රබ­න්ධය මෙහෙ­යවා ඇත්තේ නිද­හස  පූර්ණ ලෙස භුක්ති විඳි­මින්ය. මිලාන් කුන්දෙරා, කෆ්කා, කැමූ මෙලෙස නිද­හස භුක්ති විඳි­මින් නිද­හස් රචනා විලාස අනු­ග­ම­නය කළ දැවැන්ත ලේඛ­ක­යන් ලෙස හඳු­නා­ගත හැකිය. කුන්දෙරා නව ප්‍රබන්ධ පිළි­බඳ දක්වන  අද­හස් “ආට් ඔෆ් ද නවල්” නම් කෘති­යෙ­හිලා සඳ­හන් කර ඇත. එහිලා ඔහු සඳ­හන් කරන සංකීර්ණ අද­හ­සක් වන්නේ කිසිදු මනු­ෂ්‍ය­ය­කුට නව  ජීව­න­යක් නැති බවය. ජීවි­තය අලු­තින් ගොඩ­නැ­ඟීම යනු ප්‍රෝඩා­වක් යැයි කුන්දෙරා කියයි. එය පරණ කතා­න්ද­ර­යක කොට­සක් බඳුය. කිසි­වක් වෙනස් වන්නේ නැත. එබැ­වින් නැවත ගොඩ­නැ­ඟී­මට ප්‍රයත්න දැරිය යුතු නැත. කුන්දෙරා අපට පෙන්වා දෙන්නේ අපට අප­ගේම මාව­තක් තිබිය යුතු බවය. අප අප­ගේම දාර්ශ­නික චින්තා­වක් ගොඩ­නඟා ගත යුතු බවය. ඒ අතින් බල­න­විට සෑම පුද්ග­ල­ය­කුම දැවැ­න්තය. කිසි­වකු සුළු­කොට නොතැ­කිය යුතුය.

“සාරා අපි නොහි­තන වේලා­ව­ල්වල අපට අපේ ජීවිත තෝරා­ගන්න වෙනවා”

(පිටුව < 60)

“සාරා, එකම කත­න්දරේ වුණත් දෙන්නෙක් කිය­වන කොට ඒක කත­න්දර දෙකක් බවට පත්වෙ­නවා.”

(පිටුව < 70)

තම්රූ කතාවේ උච්ච­ස්ථා­නය සට­හන් වන්නේ මව සිය පෙම්වතා එනම්;  සාරාගේ පියා ගැන සඳ­හන් කරන වාක්‍යය තුළ යැයි අපට සිතේ. එය පහත සඳ­හන් ලෙස සට­හන් වී ඇත.

“ඒ බැල්ම පිරිලා තියෙන්නේ ඉව­සිලි සහ­ගත ප්‍රේම­ය­කින්. සාරා මට ඒ ප්‍රේමය වච­න­යට නඟන්න බෑ!” (පිටුව 96)

ඒ සාරාගේ පියා හෙවත් ජුදාස්ගේ හැටි ස්වභා­ව­යයි.

රන්ජන් අම­ර­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT