Wednesday, March 26, 2025
Home » කවි­ය­ටත් හරවත් විචා­ර­යක් ඕනෑ

කවි­ය­ටත් හරවත් විචා­ර­යක් ඕනෑ

ප්‍රවීණ කිවි­වර බුද්ධ­දාස ගල­ප්පත්ති

by Gayan Abeykoon
March 20, 2025 4:02 pm 0 comment

හේ කවි­යට අති­ශ­යින්ම පෙම් බැන්දෙකි. ඔහුගේ ප්‍රබල ප්‍රකා­ශන මාධ්‍යය ද කවි­යයි. කාව්‍ය­ක­ර­ණයේ යෙදෙන ප්‍රති­භා­පූර්ණ කවි­යකු වන බුද්ධ­දාස ගල­ප්පත්ති මහතා විසින් මේ වන ­විට කාව්‍ය ග්‍රන්ථ 14ක් පළ කොට ඇත.  ගුවන් විදු­ලිය, රූප­වා­හි­නිය, පුව­ත්පත, සින­මාව, සම්මාන උලෙළ යනාදී බොහෝ ක්ෂේත්‍ර­වල ඔහු ක්‍රියා­ශී­ලීව නියැ­ළෙ­න්නෙකි. අත්දැ­කීම් බහුල ඇත්තෙකි. පද්‍ය කාව්‍ය,  කෙටි­කතා, සංස්ක­රණ, කාව්‍ය රස­වි­න්දන හා තීරු­ලිපි ද ඔහු නිර­න්ත­ර­යෙන් ගනු­දෙනු කරන මාධ්‍ය­යෝය. “කවි­මි­හිර 5” මෑත­කා­ලී­නව ඔහුගේ ග්‍රන්ථ අත­රට එක්වූ­වකි. ඒ පිළි­බ­ඳව බුද්ධ­දාස ගල­ප්පත්ති මහතා සමඟ කළ සංවාද සට­හන මෙසේ දක්වමු.

 

  කවිය පුද්ග­ල­ය­කුට මොන විදිහේ බල­පෑ­මක් කර­නවා කියලා ඔබ විශ්වාස කරන්නේ ද ?

“හොඳ කවි­යක් නම් යම් බල­පෑ­මක් කර­නවා. ජන කවියේ ඉඳ­ලාම මිනි­සුන්ගේ එදි­නෙදා ජීවි­ත­යට බල­පෑම් කරලා තියෙ­නවා. අපේ කවි ඉති­හා­සය දිහා බැලු­වාම ඒක හොඳා­කා­ර­වම පේනවා. ජන කවිය හැරු­ණාම එක් එක් යුග­යන්හි දී කවි­වල දේශ­ප්‍රේ­මය, දේශා­නු­රා­ගය, ජාතික වාත්ස­ල්‍යය වගේ හැඟීම් කවි­යෙන් ඇති කළා. විශේ­ෂ­යෙන් ඒක කොළඹ යුගයේ කවි­වල පැහැ­දි­ලිව පේන්න තිබුණා. කොළඹ යුග­යේදී දෙවන පර­ම්ප­රාවේ සිට ඒක වෙනස් වුණා.”

  ඔබ කවි­කා­ර­යකු වන්නට පසු­බිම සැක­සෙන්නේ කොහො­මද ?

“පොඩි කාලේ 1950දී ඉස්කෝලේ (බෙලි­අත්ත ශ්‍රී ප්‍රඤ්ඤා­නන්ද බෞද්ධ මිශ්‍ර පාඨ­ශා­ලාව) බාලාං­ශය පන්ති­යේදී, අපේ ගුරු­තු­මිය කවි කිව්වා මට මත­කයි. කෝංගහ යට වටේට පුටු තියලා ළමයි කවි ඉගෙන ගත්තා. ගෙදර ආවාම අම්මා කවි කිය­නවා ඇහුණා. පොඩි කාලේ ඉඳ­ලම මං පොත් කිය­වන කෙනෙක්. 5 වස­රෙදී මම ඉගෙන ගත්තේ මාතර ශාන්ත සර්වි­යස් විද්‍යා­ලයේ. “මඩො­ල්දූව, අඹ යාළුවෝ, රණ රාල” කියෙව්වා. අපට සිංහල ඉගැ­න්නුවේ, ටී.කේ. සෝම­පාල ගුරු­තුමා. එයා අපට රචනා ලියන්න උග­න්නලා ලියපු රච­නා­වත් තෝරලා ඇගැ­යී­ම­කට ලක් කර­නවා. Òපබඳ අගීÓ කියලා මට එක් ඇග­යී­මක් ලැබුණා.  තවත් දව­සක Ò සඳ පහන් රැයක්Ó කියන රච­නා­වට Òපබද ජයයිÓ කියලා ඇග­යුවා. මේවා මගේ හිතට වැදුණා. ඒ කාලේ අපේ ගෙද­ර­ටත් නිත­රම පත්තර ගන්නවා. විශේ­ෂ­යෙන් සිළු­මිණ. එහි ÒකමලාÓ ළමා සමා­ජ­යට මම මුලින්ම රච­නා­වන් ලියලා යැව්වා. මාසෙ­කට විතර පස්සේ ඒක කොල­ම­කට අරන් තිබුණා. ඒක තමයි, මුද්‍රිත මාධ්‍ය­යෙන් මගේ නමයි, ඉස්කෝ­ලයි එක්ක පළ­වුණු පළමු ලිපිය. ඒ 1960 මුල් භාග­යේදී. ඊට පස්සේ පන්තියේ පුංචි පුස්ත­කා­ල­යක් ඇති කළා. පුස්ත­කා­ල­යෙන් පොත් කිය­වන්න මම හරිම ළැදි වුණා. පසුව මම කොළ­ඹට ආවා වැඩි­දුර අධ්‍යා­ප­න­යට. සුනන්ද මහේන්ද්‍ර, හේවා­ම­ද්දුම වගේ ගුරු­වරු නිසා මම කවි පොත් කිය­වන්න, කවි ලියන්න උනන්දු වුණා.”

  ඔබේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය ගැන කතා කරමු?

“1971 Òදොළො­ස්මහේ පහනÓ තමයි මගේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය. මේක සමූහ කෘති­යක්. ජය­ලත් මනෝ­රත්න, සුනිල් ආරි­ය­රත්න සහ මම එක­තු­වෙලා ලියපු කවි මෙහි ඇතු­ළත් වෙනවා.”

  කවිය ඔබට කොයි­ත­රම් බල­පෑ­මක් කර­න්නේද?

“කවිය මගේ ජීවි­ත­යත් එක්ක බද්ධ­වුණු ප්‍රමු­ඛම සාහි­ත්‍යං­ග­යයි. ගීත රචනා, කෙටි­කතා, පුව­ත්පත් විශේ­ෂාංග, තීරු ලිපි, කාව්‍ය රස­වි­න්දන, මේවා අත­රින් මගේ පළමු තෝරා­ගැ­නීම කවි­යයි.”

  ඔබේ කවිය ශෝකා­ලා­ප­යක් ද?

“නෑ. නමුත් දුක කවි­යට නඟ­නවා. දුක, සතුට, ජීවි­තය, අපේක්ෂා, අපේ­ක්ෂා­භං­ග­ත්වය, ආද­රය බිඳ­වැ­ටීම මේ ආදී සියලු පෞද්ග­ලි­ක­භා­ව­යන් කවි­යට නැගෙ­නවා.”

  අද කවිය තියෙන තැන ගැන ඔබේ අද­හස කුමක්ද?

“ඒ ගැන මට සතු­ටුයි. අද විශාල වශ­යෙන් නව කවි පර­පු­රක් බිහි වෙලා. ඒ කාලේ අපි කවි පොතක් පළ කර­ගන්න සෑහෙන්න දුෂ්කර ක්‍රියා­වක් කළා. නමුත් අද ප්‍රකා­ශ­කයෝ ඉන්නවා. ඒව­ගේම හොඳ කාව්‍ය නිර්මාණ බිහි­වෙ­නවා. සඟරා, මුද්‍රිත පුව­ත්පත්, ගුවන් විදු­ලිය සහ රූප­වා­හි­නි­යෙන් කවි ගැන කතා කෙරෙ­නවා. අපි ලියූ කාලෙට වඩා විශාල පරි­ව­ර්ත­න­යක් අද දකි­නවා. මේ කාලීන වෙන­ස්වීම තරුණ කවි­යන් විසින් ග්‍රහ­ණය කර­ගෙන තියෙ­නවා. ඒ වගේම කවි­යේත් විශාල පරි­ව­ර්ත­න­යක් සිදු­වෙලා කියලා මට හිතෙ­නවා.”

  ‘කවි මිහිර’ ගැන කතා කරමු ?

‘කවි මිහිර’ පටන් ගත්තේ දිව­යින පත්ත­රෙන්. මේ ‘කවි මිහිර’ 5 වැනි කාණ්ඩ­යයි. මුලින්ම අපි පළ කළේ මහ­ග­ම­සේ­කර, සිරි ගුණ­සිංහ, පේරා­දෙණි කවියෝ වැනි ප්‍රවීණ කවි­යන්ගේ කවි. ඒ අතර අලුත් කවි­යන්ගේ කවිත් කිහි­ප­යක් තිබුණා. නමුත් තුන්වැනි කාණ්ඩ­යට එන­කොට මම තෝරා ගත්තේ නව පර­ම්ප­රාවේ කවි. 4ටත් එහෙ­මයි. 5 දී මම හිතුවා මීට පෙර කිසිදු තැනක ඇතු­ළත් නොවූ අලුත්ම කවි, කිවි­ඳි­යන්ගේ නිර්මාණ පම­ණක් තෝරා­ගන්න ඕනෑ කියලා. මෙහි කාව්‍ය 74ක් තියෙ­නවා. ඒ අත­රට පරා­ක්‍රම කොඩි­තු­වක්කු සහ සුනිල් ආරි­ය­ර­ත්නගේ කවි දෙකක් ඇතු­ළත් කළා. ඒ කවි දෙක ඇතු­ළත් කළේ පරි­ව­ර්තන කවි වුණු නිසයි.”

  ‘කවි මිහිර’ මේ ආකා­ර­යට දිග­ටම පොත් විදි­හට පළ කරන්න අද­හස් කර­න­වාද ? ඒ ඇයි ?

“මේ ආකා­ර­යට පොත් විදි­හට පළ කරන්න හිතුවේ, ඒවා කිය­වන පිරි­සක් ඉන්න නිසයි. ඒ කාලේ කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ එකතු කරලා නව පද්‍ය රචනා 1 සහ 2 කියලා ග්‍රන්ථ දෙකක් පළ කරලා තිබුණා. ඒ 1960 ගණ­න්වල. ඒ කාලේ එහෙම කළා නම්, දැන් කරන්න බැරි ඇයි කියලා මට හිතුණා. ඉරිදා දිව­යිනේ කවි මිහිර පළ­වෙ­නවා කාව්‍ය රස වින්ද­නය සමඟ. මම නිශ්ශ­බ්දව කරන මේ වැඩේ ලොකු ආත්ම තෘප්ති­යක් ලබ­නවා.”

  කවි­යට තියෙන විචා­රය සම්බ­න්ධ­යෙන් ඔබ සෑහී­ම­කට පත්වෙ­නවා ද?

“කවි­ව­ලට විචා­රත් අව­ශ්‍යයි. අද තියෙන්නේ, විචා­ර­යට වඩා ප්‍රචා­ර­යක්. අද විචාර පළ කළාට එදා තරම් විචා­ර­යක් නැහැ. ඒ කාලේ ශාස්ත්‍රීය සංග්‍ර­හය කියලා වෙනම විශේ­ෂාං­ග­යක් දීලා තිබුණා. කෙටි­කතා, නව­කතා, වේදිකා නාට්‍ය, චිත්‍ර­පට, කවි ගැන විචා­ර­යෙන් ලොකු දොර­ටු­වක් පුව­ත්ප­ත්වල විවෘත කරලා තිබුණා.”

  ඔබේ ‘සමු­දුර අසා සිටී’,  Òගිරි හිස සිටÓ ගැන කතා කරමු ?

“මම ග්‍රන්ථ­යක් ප්‍රකා­ශ­යට පත්ක­රන්නේ වසර 3ක් හෝ 4 ක විරා­ම­ය­කට පසු­වයි. Òගිරි හිස සිටÓ කළේ 2023දී.  ‘සමු­දුර අසා සිටී’ කළේ 2024දී.  නමුත් ඒ සම්ප්‍ර­දාය මම කැඩුවා. එච්චර විවේ­ක­යක් ගන්නෙ නැතුව පළ කරන්න හිතුවේ, කවි ගොඩක් එකතු වුණු නිසයි.  වස්තු විෂ­ය­යන් ගොඩක් එකතු වුණා, අත්දැ­කීම් ගොඩක් එක්ක. කොරෝනා, අර­ග­ලය ඒ අත­රින් ප්‍රමු­ඛයි.

ශ්‍යාමා සම­ර­සිංහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT