Wednesday, March 26, 2025
Home » බැංකු­ව­ලට පොලු තබන දේශ­පා­ල­ක­යන්ට එරෙ­හිව නීති පිය­වර අව­ශ්‍යයි

බැංකු­ව­ලට පොලු තබන දේශ­පා­ල­ක­යන්ට එරෙ­හිව නීති පිය­වර අව­ශ්‍යයි

by Gayan Abeykoon
March 20, 2025 4:00 pm 0 comment

බැංකු­ව­ලට පොලු තැබූ දේශ­පා­ල­ක­යන්ගේ නාම­ලේ­ඛ­නය ඉතා දිගු බව අපි දනිමු. එහෙත් එවැනි නාම­ලේ­ඛ­න­යක් තව­මත් ප්‍රසි­ද්ධි­යට පත්ව නැත. එය කාලීන අව­ශ්‍ය­තා­වක් යැයි සිතේ.

මේ අතර, විටින් විට කෙරෙන විග­ණන වාර්තා සහ පාර්ලි­මේන්තු හෙළි­ද­රවු කිරීම් අනුව, ගෙවුණු කාල පරා­සය මුළුල්ලේ දේශ­පා­ලන බලය උප­යෝගි කොට ගෙන බැංකු­ව­ලට පොලු තැබූ දේශ­පා­ල­ක­යකු පිළි­බඳ පසු­ගි­යදා හෙළි­ද­රවු කෙරිණි.

මිහි­න්තලේ ගොවිජන­ සේවා බල­ප්‍ර­දේ­ශයේ සීමා­ස­හිත ජනතා ලංකා මිරිස් අලෙවි සමා­ගම නමින් සමා­ග­මක් පිහි­ටුවා කරන ලද මුදල් වංචා­වක් පිළි­බ­ඳව පාර්ලි­මේ­න්තු­වේදී හෙළි­ද­රවු විය. හිටපු කෘෂි­කර්ම ඇමැ­ති­ව­ර­යකු වූ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ එස්.එම්. චන්ද්‍ර­සේන මහතා මිහි­න්තලේ ගොවි­ජන සේවා බැංකු­වෙන් ගත් ලක්ෂ සිය­යක ණය මුද­ල­කට අදාළ පොලී මුදල ගෙවා නැති බව එම­ඟින් හෙළි­ද­රවු විය. වසර 24කට ආසන්න කාල­යක් ඒ මුදල් ගෙවා නැති බවත්, එයට අදාළ පොලී මුදල ලෙස රුපි­යල් ලක්ෂ විස්ස­කට ආසන්න මුද­ලක් හිඟ මුදල් ලෙස පව­තින බවත් එම­ඟින් කියැ­විණි.

මේ ආකා­ර­යට ජනතා මුදල් අව­භා­විත කිරීම හිටපු මැති ඇමැ­ති­ව­රුන්ගේ පුරු­ද්දක් ලෙස පැවැති බවත්, ඔවුන්ට දේශ­පා­ලන ආර­ක්ෂාව පැවති බවත් මේ අනුව හෙළි­ද­රවු වන කරුණ වේ. රටක මූල්‍ය නීතිය දේශ­පා­ල­ක­යන්ට වුව­මනා පරිදි අව­භා­විත කළ හැකි ද යන ගැට­ලුව පවතී.

රටේ සාමාන්‍ය පුර­වැ­සි­යකු රාජ්‍ය හෝ පෞද්ග­ලික බැංකු­ව­කින් ණයක් ගැනී­මට ගිය විට පිර­වී­මට සිදු වන අය­දු­ම්පත්‍ර සංඛ්‍යාව අති­වි­ශාල ය; ඇප­ක­රුවෝ අවශ්‍ය වේ. සාමාන්‍ය පුර­වැ­සි­ය­කුට බැංකු­ව­කින් ණයක් ගෙන මෙප­මණ කාල­යක් එය නොගෙවා සිටිය හැකි ද? දේශ­පා­ල­ක­යන්ට පම­ණක් රටේ එවැනි නීති­යක් පවතී ද? යන ගැට­ලුව මේ සිදු­වී­මත් සමඟ අප සිතට දැනෙයි.

මේවා බැංකු­ව­ලට අය­කර ගත නොහැකි බොල් ණය ලෙස සලකා කපා­හැ­රීම පුරු­ද්දක් ලෙස පැවති බව මේ අනුව පැහැ­දිලි වේ. විවිධ ආණ්ඩු විසින් මේ ආකා­ර­යට බොල් ණය ලෙස කපා හළ ණය තවත් ඇති ද?

සාමා­න්‍ය­යෙන් ගිණු­ම්ක­රණ විෂය ක්ෂේත්‍ර­යේදී ව්‍යාපා­ර­යෙන් භාණ්ඩ හා සේවා ලබා ගත් පුද්ග­ල­ය­න්ගෙන් අනා­ග­ත­යේදී ලැබිය යුතු මුදල් ව්‍යාපා­රයේ පොත්වල පෙන්නුම් කරන්නේ වත්ක­මක් නැති නම් ණය ගැති­යන් ලෙසය. මේ වත්ක­මෙන් එනම්, ණය ගැති­ය­න්ගෙන් සම­හ­ර­කුට සිය ණය ගෙවී­මට නොහැකි වීම බොල් ණය ලෙස හඳු­න්වනු ලැබේ. අදාළ ඇමැ­ති­ව­රයා ඒ ණය මුදල ගෙවා නැත්තේ ආර්ථික අප­හ­සු­ක­මක් නිසා නො වේ. එය ඔහුගේ වංච­නික හැසි­රී­මයි. දේශ­පා­ල­නික බල අධි­කා­රියේ  සහාය ලැබී ඇත්තේ එය­ටයි.

මීට අම­ත­රව මෙරට ඉහළ පෙළේ ව්‍යාපා­රි­ක­යන් දස­දෙ‍ෙ­නකු ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපි­යල් කෝටි 8,000ක පමණ මුද­ලක් ණය ගෙවීම පැහැ­ර­හැර ඇති බව මීට පෙර ලංකා බැංකු සේවක සංග­මය චෝදනා කොට තිබිණි.

එමෙන්ම මේ පිළි­බ­ඳව මීට පෙර පැවති කෝප් කමිටු වාර්තා­ව­ලදී හෙළි­ද­රවු වූයේ ඒ සම්බ­න්ධ­යෙන් තව­මත් නීති­මය ක්‍රියා­මාර්ග ගෙන නැති බවයි.

මෙකී දේශ­පා­ල­ක­යන්ගේ තවත් ලජ්ජා­ස­හ­ග­තම හැසි­රී­මක් වූයේ ජල බිල්පත, විදුලි බිල්පත පවා නොගෙ­වී­මයි. එවැනි දේශ­පා­ල­ක­යන් 60ක් පමණ සිටින බව මීට පෙර අනා­ව­ර­ණය වී තිබිණි. ගෙවල් කුලී නොගෙ­වන, ජල බිල, විදුලි බිල නොගෙ­වන, එප­ම­ණක් නොව, රාජ්‍ය දේපොළ ගසා­කන එවැනි දූෂිත දේශ­පා­ල­න­ඥ­යන් රැසක් අතීත පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කොට තිබිණි. පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද අව­භා­විත කර­මින් සිදු කරන ලද මේ දූෂිත ජාවා­රම පමා වී හෝ හෙළි­ද­රවු කළ යුත්තකි.

අත්දැ­කී­ම්ව­ලින් සම්පූර්ණ යැයි කියූ ප්‍රභූ පාර්ලි­මේ­න්තුවේ හැසි­රීම සහ භාවි­තය යම් පම­ණ­කින් හෝ අව­බෝධ කොට ගැනී­මට පසු­ගිය කාලයේ ඔවුන්ගේ  ක්‍රියා­කා­ර­කම් ඇතු­ළත් ලැයිස්තු කියවා ගැනීම පම­ණක් ප්‍රමා­ණ­වත් ය.

එනිසා වර්ත­මා­නයේ ඇති වූ සමාජ දේශ­පා­ල­නික වෙනස සමඟ අපි මෙලෙස ලියා තබමු:

මෙකී දූෂණ, වංචා, අක්‍ර­මි­කතා පිළි­බඳ හෙළි­ද­රවු කිරී­ම්ව­ලින් ඔබ්බට ගමන් කළ යුතුව ඇත. ඒ සඳහා විධි­මත් නීති­මය ක්‍රියා­මාර්ග සකස් කළ යුතු කාලය එළඹ තිබේ. තරා­ති­රම නොබලා, අතීත නම්බුව හෝ ගෞර­වය නොස­ලකා, දූෂි­ත­යන්ට දඬු­වම් දෙන ක්‍රම­වේ­ද­යක් සකස් කළ යුතු ය. පසු­ගි­යදා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සඳ­හන් කොට තිබුණේ නව නීති සකස් කොට හෝ ඒ ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කරන බවයි.

එබැ­වින් මෙතෙක් පැවති විග­ණන වාර්තා, හෙළි­ද­රවු කිරීම්, කෝප් කමිටු වාර්තා සහ තවත් නිල ලේඛ­න­වල ඇති අනා­ව­ර‍ණ­ව­ලට අදාළ චුදි­ත­යන්ට දඬු­වම් කිරීමේ කාල පරා­සය පැමිණ තිබේ.

ඒ හෙළි­ද­රවු කිරී­ම්ව­ලින් සහ වාර්තා­ව­ලින් ඔබ්බට ගිය ප්‍රායෝ­ගික ක්‍රම­වේ­ද­යක් වනු ඇතැයි අපි උදක්ම බලා­පො­රොත්තු පළ කරමු.

රටක ජන­තා­වගේ උසස් ජීවන තත්ත්වය සහ සමාජ, සංස්කෘ­තික දියු­ණුව තීර­ණය වන්නේ එරට අනු­ග­ම­නය කරන නිවැ­රැදි ප්‍රති­පත්ති සහ ක්‍රියා­මාර්ග මත ය. ගත වූ කාල පරා­සය මුළුල්ලේ මෙරට බල­යට පත් දේශ­පා­ල­ක­යන් විසින් අනු­ග­ම­නය කරන ලද දූෂිත ආර්ථික ප්‍රති­පත්ති සහ දේශ­පා­ල­නික සංස්කෘ­තියේ අතුරු පල සහ ප්‍රකා­ශ­න­වල පිළි­බි­ඹු­වක් ලෙස එය හඳුනා ගැනී­මට අප කැමැති ය. විධි­මත් මූල්‍ය පරි­පා­ල­න­යක් සහ මූල්‍ය ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීම අත්‍ය­වශ්‍ය කරු­ණක් බව සඳ­හන් කරන්නේ ඒ හේතු­වෙනි. මූල්‍ය විනය ඇතුළු සෑම ක්ෂේත්‍ර­යක් ම බිඳ­වැ­ට්ටවූ ජන සමා­ජ­යක් එක්වර ම නඟා­සි­ටු­විය නොහැකි වුවත්, එය කළ යුතු ම කාර­ණ­යකි.

රාජ්‍ය දේපොළ අව­භා­විත කිරීම, රාජ්‍ය මුදල් අව­භා­විත කිරීම වැනි කරුණු පිටු­දැ­කිය යුතු සමාජ කාරණා බව යළි යළිත් අපි තහ­වුරු කර සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT