Home » ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

by chanaka
March 20, 2025 8:09 am 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ(19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා වන කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

වෙළඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම
පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සහාය වීම සහ පාම් තෙල් ආනයනය කිරීම සහ කාබනික ද්‍රව පොහොර හඳුන්වාදීම සදහා ඇති අවස්ථා පිළිබඳවද තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද දෙරටේ අවධානය යොමු විය.

ඉන්දුනීසියානු නියෝජ්‍ය තානාපති Fiki Oktanioand සහ අමාත්‍ය උපදේශක Lailal K. Yuniarti අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT