Tuesday, March 25, 2025
Home » පුංචි ඡන්දයට දිනේ අද තීන්දු කරයි

පුංචි ඡන්දයට දිනේ අද තීන්දු කරයි

by chanaka
March 20, 2025 8:02 am 0 comment

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට අවසන් වේ.

ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බැලීමට නියමිතය.

පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT