දහතුන්වැනි වරට පැවති ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත්වූ අතර, කාන්තා ශූරතාව නාවික හමුදාව සතු විය.
කටුනායක ගුවන් හමුදා බීච් වොලිබෝල් පිටියේ පැවති තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී ගුවන් හමුදා පිල ලකුණු 21-15ක් සහ 21-16ක් ලෙස වට 2-0කින් යුද හමුදාව පරාජය කිරීමට සමත් විය. ජයග්රාහී ගුවන් හමුදා කණ්ඩායමට මලිත් සිල්වා සහ දිලීප සේනාරත්න ඇතුළත් වූහ. කාන්තා අවසන් තරගයේදී නාවික හමුදා පිල නියෝජනය කළ දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ලක්ෂානි වට 2-0කින් ගුවන් හමුදා පිල පරාජය කළහ. ගුවන් හමුදාව අනුශූරියන් වෙද්දී යුද හමුදාවට තෙවැනි ස්ථානය හිමි විය.
තරගාවලියේ ජය සංකේත ප්රදානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස්, ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු සුරේෂ් ජයසිංහ, ගුවන් හමුදා වොලිබෝල් සභාපති ගෘෘප් කැප්ටන් මිලින්ද මෙන්ඩිස් මහත්වරුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.